Latest News

අමෙරිකාවේ ගුවන්යානයක් කඩා වැටී දරුණු අනතුරක්

Published 8 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාවේ කෙන්ටකී ප්‍රාන්තයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කඩා වැටී දරුණු අනතුරක් සිදුව තිබෙනවා.

ලුයීවෙල් ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ගමන් ආරම්භ කර ඇති මෙම යානය ගුවන් ගත වී විනාඩි කිහිපයක් තුළ එ කඩා වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

යානය කඩා වැටෙන අවස්ථාවේ දී එහි ගුවන් නියමුවා ඇතුළු තුන්දෙනෙකු සිට ඇති බවයි වාර්තා වන්නේ.

ඛනිජ තෙල් ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයක් ආසන්නයට මෙම ගුවන් යානය කඩා වැටී ඇති අතර, මේ හේතුවෙන් එම ප්‍රදේශයේ දැවැන්ත ගින්නක් පැතිරී ගිඔස් ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

මෙම අනතුරින් තවත් 11 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

ගුවන් යානය කඩා වැටෙන අවස්ථාවේ එහි ඉන්ධන ගැලුම් 38,000ක් පමණ රැගෙන ගොස් තිබූ බවටයි අනාවරණය වී ඇත්තේ.

හවායි බලා පිටත් වූ 2976 ගුවන් යානය එරට වේලාවෙන් පස්වරු 5:15 ට පමණ කඩා වැටුණු බවයි එක්සත් ජනපද ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය පවසන්නේ.

World News