චෙම්මනි සමූහ මිනීවළෙහි කැණීම් ස්ථානය ජලයෙන් පිරී තිබීම හේතුවෙන් කැණිම් කටයුතු 2026 වසරේ ජනවාරි 19 වැනිදා දක්වා කල් තැබීමට යාපනය මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
චෙම්මනි සමූහ මිනීවළ කැණීම් ස්ථානය පරීක්ෂා කිරීම ඊයේ (03) යාපනය මහේස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර්, කැණීම් කටයුතු භාර විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී සෙල්ලයියා පිරනවන් ඇතුළු පිරිසක් විසින් සිදුකෙරිණ.
ජනවාරි 19 වැනිදා අදාළ ස්ථානය නැවත පරීක්ෂා කොට ඉදිරි සැලසුම සකස් කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
චෙම්මනි සමූහ මිනීවළෙහි කැණීම් ස්ථානය කුඹුරු ආසන්නයේ පැවතීම හේතුවෙන් වර්ෂාවත් සමග කැණීම් කටයුතු කළ ස්ථානය වෙත ජලය පිරී ඇති අයුරු දැක ගැනීමට හැකිය.
සමූහ මිනීවළේ මීළඟ අදියරේ කැණීම් වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන අනුමත වී ඇති අතර කැණීම් ස්ථානය ජලයෙන් පිරී තිබීම කැණීම් කටයුතු සිදු කිරීමට බාධාවක් බව කැණීම් කණ්ඩායම සඳහන් කළේ ය.