Latest News

පලස්තීන ජාතිකයන් 45 දෙනෙකුගේ සිරුරුවලට ඊශ්‍රායලය විසින් සිදු කළ දේ

Published 8 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පලස්තීන ජාතිකයන් 45 දෙනෙකුගේ සිරුරු ඊශ්‍රායලය, රතු කුරුස සංවිධානය වෙත භාරදී තිබේ.

ඊශ්‍රායලය පලස්තීන ජාතිකයින් 45 දෙනෙකුගේ සිරුරු මෙලෙස භාරදී ඇත්තේ හමාස් සංවිධානය ඊශ්‍රායලය සෙබළුන් තුන්දෙනෙකුගේ සිරුරු යළි භාරදීමට කටයුතු කිරීමෙන් අනතුරුවයි.

එම සෙබළුන් තිදෙනාගේ සිරුරු හදුනාගෙන ඇති අතර ඔවුන් 2023 වසරේ ඔක්තෝබර් 7 වන දින හමාස් සංවිධානය එල්ල කළ ප්‍රහාරයේ දී ජිවිතක්ෂයට පත්වුවන් බවයි ඊශ්‍රායලය නිවේදනය කරයි .

මෙලෙස ජිවිතක්ෂයට පත්වුවන්ගේ සිරුරු හුවමාරු කර ගැනීම දෙපාර්ශවය අතර පවත්නා සටන් විරාමය ශක්තිමත් කිරීමට ඉවහල් වන බවට විශ්ලේෂකයින් මත පළ කරේ.

පසුගිය ඔක්තෝබර් 10 වන දින සටන් විරාමය ආරම්භවීමෙන් අනතුරුව හමාස් සංවිධානය ඊශ්‍රායලය ප්‍රාණ ඇපකරුවන් 20 දෙනෙකුගේ සිරුරු ලබාදී ඇති අතර තවත් සිරුරු 8ක් ලබාදීමට නියමිත බව ද සඳහන්.

World News