Latest News

අමෙරිකාව සමඟ න්‍යෂ්ටික සාකච්ඡා ආරම්භ කිරීම ගැන ඉරානයෙන් ප්‍රකාශයක්

Published 8 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාව සමග න්‍යෂ්ටික සාකච්ඡා ආරම්භ කිරීමට කිසිදු හදිසි අවශ්‍යතාවක් නොමැති බව ඉරානය නිවේදනය කරයි.

ඉරානය මේ වනවිට දැඩි ආර්ථික අභියෝගයන්ට මෙන්ම බාහිර පීඩනයන්ට ද දැඩි ලෙස මුහුණ දී තිබේ.

එම අර්බුදකාරී තත්ත්වයන් ලිහිල් කර ගැනීමට නම් ඇමෙරිකාව සමග න්‍යෂ්ටික එකඟතාවයන්ට එළඹිය යුතු වේ.

කෙසේ වුවද අමෙරිකාව සමග තම න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කිරීමට කිසිදු හදිස්සියක් නොමැති බවයි ඉරාන රජය නිවේදනය කරන්නේ.

ඉරානය සම මට්ටමේ පිහිටුවා දෙපාර්ශ්වයම අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් න්‍යෂ්ටික සාකච්ඡා ආරම්භ කිරීමට අමෙරිකාව සූදානම් නම් ඊට සහයෝගය දැක්වීමට තමන් ද නොපැකිලිව කටයුතු කරන බවයි ඉරානය තවදුරටත් සඳහන් කරන්නේ.

World News