Latest News

හෙට ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 04කට සුනාමියක්ද? – ඇත්ත නැත්ත මෙන්න

Published 8 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දියන් සාගර සුනාමි පෙරහුරු අභ්‍යාසයක් හෙට ශ්‍රී ලංකාවේ ස්ථාන පහකදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ඒ ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනට සමගාමීවවයි.

එබැවින් එදින සුනාමි ගැන අනියත බියක් ඇති කර නොගන්නා ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

යුනෙස්කෝ නිල මාර්ගෝපදේශ යටතේ පවත්වනු ලබන මෙම පෙරහුරු වැඩසටහන සඳහා මඩකලපුව, යාපනය, ගාල්ල සහ කළුතර යන දිස්ත්‍රික්කවල තෝරාගත් ග්‍රාම නිලධාරී කොට්ඨාශ පහක් ඇතුළත් කර තිබේ.

ප්‍රධාන ජාතික පෙරහුරු අභ්‍යාසය කළුතර දිස්ත්‍රික්කයේ පෙරවරු 8:30ට ආරම්භ කෙරෙන බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

World News