iPhone 18 Pro ගැන පැතිරෙන අලුත්ම කටකතාවලට අනුව,Apple සමාගම සිය දුරකථන පෙළ සඳහා වර්ණ පෙළ නැවත සකස් කිරීමට සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.
විදෙස් වාර්තාවල දැක්වෙන්නේ මෙම නව වර්ණ පෙළ අතරින්, Cosmic Orange වර්ණය ඉවත් කිරීමට ඉඩ ඇති බවයි.
ඒ වෙනුවට නව වර්ණ කිහිපයක් හඳුන්වා දීමට අපේක්ෂා කෙරෙන බව සඳහන්.
iPhone 18 Pro ශ්‍රේණිය සඳහා Apple විසින් කෝපි පාට (Coffee), දම් පාට Purple සහ මෙරූන් පැහැයට හුරු පාට (Burgundy) යන නැවුම් වර්ණ තුනක් එළිදැක්වීමට සූදානම් වන බවට වාර්තා වේ.
මේ බව පවසා ඇත්තේ Weibo හි Instant Digital නමැති ප්‍රකට තොරතුරු සපයන්නෙකු විසින්.
මීට අමතරව, මෙම නව පරම්පරාවේ iPhone 18 Pro මාදිලියේදී සම්ප්‍රදායික කළු (black) වර්ණ විකල්පය ද නැවත වරක් මඟහැරී යාමට ඉඩ ඇති බවට අනුමාන කෙරෙයි.
මීට පෙර, Apple සමාගම iPhone 17 Pro ශ්‍රේණිය Cosmic Orange වර්ණයෙන් ඉදිරිපත් කරමින් අවධානය දිනාගත්තේය.
නැවත වරක් එම සමාගම නව දෘශ්‍ය ප්‍රයෝගයක් සඳහා සූදානම් වන බවක් මෙම පියවරෙන් පෙනී යන බවයි විශ්ලේෂකයන්ගේ මතය වී ඇත්තේ.
iPhone 18 Pro සඳහා යෝජිත කෝපි පැහැය සුවිශේෂී වන්නේ, Apple විසින් මින් පෙර කිසි දිනෙක කෝපි-වර්ණැති iPhone එකක් නිකුත් කර නොමැති නිසයි.
මෙය iPhone සන්නාමය සඳහා නිර්භීත සෞන්දර්යාත්මක වෙනසක් බවයි ඇතැමුන් පවසන්නේ.
මෙම කටකතාව සත්‍ය වුවහොත්, නව කෝපි වර්ණය, iPhone XS හි රන්වන් පැහැය හෝ iPhone 16 Pro ශ්‍රේණියේ කාන්තාර ටයිටේනියම් නිමාව සිහිපත් කළ හැකි බව ද අදාළ වාර්තාවල සඳහන්.