Latest News

තෙලන්ගානා ප්‍රාන්තයේ සිදු වූ දරුණු රිය අනතුරකින් 20ක් ජීවිතක්ෂයට

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයේ රංගා රෙඩ්ඩි ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකික් පුද්ගලයින් 20 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.

බොරළු ප්‍රවාහනය කළ ලොරියක් සහ බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අද (03) උදෑසන මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර සිදුවන අවස්ථවේ බස් රථයේ මගීන් 70ක් පමණ ගමන් කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

තන්දූර් ඩිපෝවට අයත් බස් රථය හයිද්‍රාබාද් බලා ගමන් කරමින් සිටියදී, ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ලොරි ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණේය.

අනතුරින් මියගිය අය අතර බස් රථයේ සහ ලොරි රථයේ රියදුරන්, කාන්තාවන් කිහිප දෙනෙකු සහ මාස දහයක ළදරුවෙකු ද සිටින බව පොලිසිය පැවසුවේය.

World News

Send your contact Details Today