Latest News

ලොව විශාලතම පුරාවිද්‍යා කෞතුකාගාරය විවෘත වෙයි

Published 10 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලොව විශාලතම පුරා විද්‍යා කෞතුකාගාරය ලෙස සැලකෙන ඊජිප්තුවේ මහා කෞතුකාගාරය විවෘත කර තිබේ.

මෙම කෞතුකාගාරය නිර්මාණය කිරීමට 1992 වසරේ දී සැලසුම් කර තිබේ.

එහි ඉදිකිරීම් ආරම්භ කර ඇත්තේ 2005 වසරේදීයි.

මේ සඳහා ඇමෙරිකා ඩොලර් බිලියන 1.2ක මුදලක් වැයකර තිබේ.

මෙම කෞතුකාගාරයේ පූර්ව රාජවාංශික යුගයේ සිට ග්‍රික සහ රෝම යුග දක්වා ඉතිහාසය ආවරණය වන පරිදි කෞතුක වස්තු ලක්ෂයකින් පමණ සමන්විත වෙයි.

ඊජිප්තු ටූටන්කාමුන් රජුගේ සොහොන සම්පුර්ණයෙන්ම ප්‍රදර්ශනය කිරිම ද මෙහි ඇති විශේෂත්වයක්.

මේ මස 4 වනදා සිට මෙම කෞතුකාගාරය නරඹන්නන්ට විවෘත වෙයි.

මෙය එරට සංචාරක කර්මාන්තයට ද විශාල පිටුබලයක් වේ.

World News