Latest News

ශ්‍රී ලංකාවේ අද සිට ෂොපිං බෑග් නොමිලේ දීම තහනම්

Published 11 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

භාණ්ඩ රැගෙන යාම වෙනුවෙන් භාවිතා කරන ෂොපිං බෑග් නොමිලේ ලබා දීම අද (1) සිට තහනම් වෙයි.

ෂොපිං බෑග් වෙනුවෙන් මිලක් අය කළ යුතු අතර, ඊට අදාළව ගැසට් නිවේදනයක්ද නිකුත් කෙරිණ.

වෙළෙන්දකු විසින් භාණ්ඩ විකුණනු ලබන අවස්ථාවලදී අඩු ඝනත්වයෙන් යුතු පොලිඑතලීන් (LLDPE) සහ රේඛීය අඩු ඝනත්වයෙන් යුතු පොලිඑතලීන් (LDPE) යන අමුද්‍රව්‍යවලින් සකස් කරන ලද බහාලුම් මලු කිසිදු පාරිභෝගිකයකුට නොමිලේ ලබා නොදිය යුතු බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙයි.

තවද නොවැම්බර් මස පළමුවැනිදා සිට අදාළ ෂොපිං බෑග් සඳහා අය කරනු ලබන මිල ව්‍යාපාරික ස්ථානයේ ප්‍රකටව පෙනෙන පරිදි ප්‍රදර්ශනය කළ යුතු බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

World News