Latest News

ස්ලෝවැකියාවේ පදික වේදිකා භාවිතා කරන්නන්ට අලුත් නීතියක්

Published 14 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ස්ලෝවැකියාවේ නාගරික ප්‍රදේශවල පදිකවේදිකා භාවිතා කරන ඕනෑම අයෙකුට පැයට කිලෝමීටර 6ක (6 km/h) උපරිම වේග සීමාවක් හඳුන්වා දෙන රථවාහන නීතියට සංශෝධනයක් එරට පාර්ලිමේන්තුව විසින් අනුමත කර තිබේ.

මෙම නව රෙගුලාසිය පදිකයින්ට, පාපැදිකරුවන්ට, ස්කේටර්වරුන්ට සහ ස්කූටර් හා ඊ-ස්කූටර් භාවිතා කරන්නන්ට ද අදාළයි.

නීති සම්පාදකයින් ප්‍රකාශ කළේ, නිතර සිදුවන ගැටුම් අඩු කිරීම සහ කාර්යබහුල නගර කලාපවල පදික ආරක්ෂාව වැඩි දියුණු කිරීම මෙම පියවරේ අරමුණ බවයි.

පාලක සභාගයේ ස්මර් පක්ෂයේ ලුම්බෝමිර් වැස්නි මෙම සංශෝධනයට මූලිකත්වය ගත් පුද්ගලයා වන අතර ඔහු පැවසුවේ “ඊ-ස්කූටර් පදවන්නන් සමඟ වැඩිවන ගැටුම් සංඛ්‍යාව හේතුවෙන් පදික වේදිකාවල ආරක්ෂාව වැඩි කිරීම ප්‍රධාන ඉලක්කය” බවයි.

මෙම නව සීමාව විවේචනයට ලක්ව ඇත්තේ එහි දැඩි බව හේතුවෙන්.

සාමාන්‍ය ඇවිදීමේ වේගය පැයට කිලෝමීටර 4ත් 5ත් අතර වන බව වාර්තා වෙයි.

බ්‍රිතාන්‍ය හෘද පදනමට අනුව, යහපත් ශාරීරික තත්ත්වයක සිටින අයෙකුට පැයට කිලෝමීටර 6.4ක වේගයක් මධ්‍යස්ථ වේගයක් ලෙස සැළකේ.

විචාරකයින් ප්‍රශ්න කරන්නේ, වේගයෙන් ඇවිදින පදිකයින්ට පවා මෙම නව 6 km/h සීමාව ඉක්මවා යාමට තාක්ෂණිකව හැකි වේවිද යන්නයි.

සමාජ මාධ්‍යවල බොහෝ දෙනෙක් විමසා ඇත්තේ, බස් රථයකට නැගීමට දුවන පුද්ගලයෙකුට පවා දඩ නියම වේද යන්නයි.

මෙම නීතිය 2026 ජනවාරි 1 වන දින සිට බලාත්මක වීමට නියමිතයි.

කෙසේ වෙතත්, බලධාරීන් පදික වේදිකාවේ 6 km/h වේග සීමාව ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න නීති සම්පාදකයින් තවමත් පැහැදිලි කර නොමැත.

World News