Latest News

ලෝක බලවතුන් දෙදෙනා දකුණු කොරියාවේදී එක මේසයකට එයි

Published 14 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති සී ජින් පින් අතර හමුවක් අද (30) පවත්වා තිබේ.

එය දකුණු කොරියාවේ පැවැත්වෙන බුසාන් සමුළුවට සමගාමීව අදාළ හමුවීම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

මෙම හමුව වසර හයකට පෙර සිදුවී තිබීමත් විශේෂත්වයක්.

මොවුන් දෙදෙනා අවසන් වරට හමුවූයේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රථම ධුර කාලයේදීයි.

එහිදී ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ඇති කිරීමට ට්‍රම්ප් සිදු කළ මැදිහත්වීම අගය කරන බවයි චීන ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ.

අමෙරිකාව සමඟ තමන් සමීපව කටයුතු කිරීමට සූදානම් බව ද ඔහු ප්‍රකාශ කර තිබේ.

World News