Latest News

🏏 ICC Women’s World Cup 2025: එංගලන්ත – දකුණු අප්‍රිකා පළමු අවසන් පූර්ව තරගය අද

Published 15 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද (29) පැවැත්වේ.

ඒ එංගලන්ත සහ දකුණු අප්‍රිකා කණ්ඩායම් අතරය.

එංගලන්ත කණ්ඩායම සිව්වරක් කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය ජයගෙන තිබේ.

දකුණු අප්‍රිකාව මෙතෙක් ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියක් ජයගෙන නැත.

කණ්ඩායම් දෙක අතර අවසන් වරට පැවති එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග 5න් 4ක් ජයගෙන තිබෙන්නේ එංගලන්ත කණ්ඩායමය.

දකුණු අප්‍රිකාව එක් තරගයක් ජයගෙන තිබේ.

ඉන්දියාවේ ගුවහාටිහිදී පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා වෙලාවෙන් අද පස්වරු 3ට ආරම්භ වීමට නියමිතය.

World News