Latest News

ලොව ප්‍රබලතම සුළි කුණාටුව සඳහා ජැමෙයිකාව සූදානම් වෙයි

Published 16 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2026 වසරේ ලොව දරුණුතම සුළි කුණාටුව ලෙස සැලකෙන ‘මෙලීසා‘ කුණාටුව මේවන විට ජැමෙයිකාවට බලපෑම් සිදු කරමින් පවතී.

ඒ අනුව දැනටමත් ජැමෙයිකාවේ පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් ඇති අතර, මෙලීසා සුළි කුණාටුව පස් වන කාණ්ඩයේ සුළි කුණාටුවක් ලෙස කැරිබියන් දූපතට ඇතුළු වනු ඇති බවට අමෙරිකානු කාලගුණ විද්‍යා බලධාරීන් අනතුරු අඟවා ඇත.

මෙම කුණාටුව “ව්‍යසනකාරී සහ ජීවිතයට තර්ජනයක් වන” තත්ත්වයන් පිළිබඳව අනතුරු ඇගවීම් සිදු කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පැයට කිලෝමීටර 282 දක්වා සුළං වේගයක් සහිත ‘මෙලීසා’, අඟහරුවාදා අලුයම කැරිබියන් දූපතට ඇතුළුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

‘මෙලීසා‘ගේ මන්දගාමී වේගය ඇතැම් ප්‍රදේශවල දිගු කාලීන ධාරානිපාත වර්ෂාවක් ඇති කළ හැකි බවත්, දරුණු ගංවතුර සහ නායයෑම් අවදානම වැඩි කරන බවත් විශේෂඥයින් අනතුරු අඟවයි.

එක්සත් ජනපදය පදනම් කරගත් ජාතික හරිකේන් මධ්‍යස්ථානයේ (NHC) නවතම දත්ත පෙන්වා දෙන්නේ උපරිම සුළඟ සහ අඩු මධ්‍යම පීඩනය අනුව, මෙලීසා මේ වසරේ මේ දක්වා ලෝකයේ ඇතිවූ බලවත්ම කුණාටුව බවයි.

World News