Latest News

රුසියාව තම නවතම බ්‍යුරේවෙස්ට්නික් කෲස් මිසයිලය අත්හදා බලයි

Published 16 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රුසියාව විසින් න්‍යෂ්ටික බලැති බ්‍යුරේවෙස්ට්නික් කෲස් මිසයිලය අත්හදා බලා ඇති බව මොස්කව්හි ප්‍රධාන ජනරාල්වරයා ප්‍රකාශ කර තිබේ.

මෙම මිසයිලයට විභවයෙන් සීමා රහිත පරාසයක් ඇති බවත්, මිසයිල ආරක්ෂක පද්ධති මඟ හැරීමේ හැකියාව ඇති බවත් පවසා එය ඉතා ප්‍රශංසාවට ලක්ව තිබෙන බව සඳහන්.

ප්‍රධාන මාණ්ඩලික ප්‍රධානී වැලරි ජෙරසිමොව් විසින් ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ පැවති වීඩියෝ රැස්වීමකදී මේ බව නිවේදනය කර තිබේ.

අත්හදා බැලීමේදී, මෙම මිසයිලය පැය ගණනක පියාසැරියක් දියත් කළ බවත්, එම පියාසැරිය කිලෝමීටර් 14,000 ක (සැතපුම් 8,700 ක) දුරක් ආවරණය කළ බවත් ජෙරසිමොව් පවසා ඇත.

කෙසේ වෙතත්, මෙම දුර එහි සීමාව නොවන බවයි ඔහු අවධාරණය කර ඇත්තේ.

මෙම නව ආයුධය පහතින් පියාසර කරන පර්යේෂණාත්මක අවියක්.

එය ප්‍රථම වරට නිවේදනය කරන ලද්දේ 2018 වර්ෂයේදීයි.

කෙසේ වෙතත්, බටහිර විශේෂඥයින් මීට පෙර මෙම මිසයිලයේ මූලෝපායික වටිනාකම සම්බන්ධයෙන් සහ එය සාර්ථකව අත්හදා බැලූ බවට රුසියාව කරන ප්‍රකාශ සම්බන්ධයෙන් සැක පළ කර ඇත.

World News