Latest News

චීනයේ Ocean-4 සිය කක්ෂීය පරීක්ෂණ සාර්ථකව අවසන් කරයි

Published 16 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සාගර ලවණතාව හඳුනාගැනීම සඳහා විශේෂයෙන්ම නිර්මාණය කරන ලද චීනයේ ප්‍රථම චන්ද්‍රිකාව වන Ocean-4 01(ඕෂන්- 4 01) සිය කක්ෂීය පරීක්ෂණ සාර්ථකව අවසන් කර තිබේ.

මේ හරහා චීනයේ සමුද්‍රීය අධීක්ෂණ හැකියාව ඉහළ නැංවීමට සහ දේශගුණික විපර්යාස සාගර පරිසරයට බලපාන ආකාරය පිළිබඳ අධ්‍යයනය කිරීමට ඉඩ සැලසේ.

පසුගිය වසරේ නොවැම්බර් 14 වැනි දින Long March-4B Y53 රොකට්ටුව මගින් මෙම චන්ද්‍රිකාව දියත් කළ අතර, මේ වනවිට එම චන්ද්‍රිකාව දීර්ඝකාලීන භාවිතය වෙනුවෙන් සියලු අවශ්‍යතා සපුරා ඇත.

මෙවැනි තාක්ෂණයක් භාවිත කිරීම මගින් සාගර පරීක්ෂණ ක්ෂේත්‍රයේ ද බලවතෙකු වීම චීනයේ අභිලාෂය යි.

World News