Latest News

ශ්‍රී ලංකාවේ සුනාමි පෙර සූදානමක්

Published 19 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එළඹෙන නොවැම්බර් මස 05 වනදා ශ්‍රී ලංකාවම ආවරණයවන පරිදි සුනාමි පෙර සූදානමක් පැවැත්වීමට නියමිත බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දී තිබේ.

එම කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ සඳහන් කළේ මෙම සුනාමි පෙර සූදානම් පෙරහුරුව ඉන්දියානු සාගර කලාපයේ සුනාමි අනතුරු ඇඟවීමේ ක්‍රමවේදය අයත් රටවල් 28 සම්බන්ධ කලාපීය ආයතනයක් මගින් සංවිධානය කරනු ලබන බවයි.

කළුතර, මාතර, යාපනය සහ මඩකලපුව යන දිස්ත්‍රික්ක හතර කේන්ද්‍ර කරගනිමින් අනෙකුත් දිස්ත්‍රික්ක ද ආවරණය වන පරිදි මෙම පෙරහුරුව පවත්වනු ලැබේ.

පසුගිය මාස තුනක කාලය තුලක භූකම්පන වැඩි වශයෙන් වාර්තා වී ඇති බවත්, සුනාමි තත්වයකට මුහුණදීම සඳහා මෙම සුනාමි පෙර සූදානම ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි පැවැත්වෙන බවයි ඔහු සඳහන් කළේ.

එමෙන්ම සුමාත්‍රා දූපත් ආශ්‍රිතව රික්ටර් මාපකයෙන් 6.5 කට වඩා භුකම්පනයක් වාර්තා වූ විට එය දිවයිනට සුනාමි තත්වයක අවධානමක් ඇතිවන බවත්, ඒ සඳහා පෙර සූදානම අත්‍යාවශ්‍ය බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවැසීය.

World News