Latest News

ප්‍රංශයේ කෞතුකාගාරයක තවත් සොරකමක්

Published 20 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඊසානදිග ප්‍රංශයේ පිහිටි තවත් කෞතුකාගාරයකින් යූරෝ 90,000ක් (රුපියල් මිලියන 30කට ආසන්න) වටිනා රන් හා රිදී කාසි 2,000ක් පමණ සොරකම් කර තිබේ.

පැරිසියේ ලෝක ප්‍රකට ලූවර් කෞතුකාගාරයේ (Louvre Museum) වටිනා ආභරණ තොගයක් සොරකම් කිරීමෙන් පසුවයි මෙම සිදුවීම සිදුව ඇත්තේ.

මෙම සොරකම ඉරිදා රාත්‍රියේ ඊසානදිග ප්‍රංශයේ ලැන්ඩ්‍රෙස් (Landres) හි පිහිටි ප්‍රංශ දාර්ශනික ඩෙනිස් ඩයිඩරෝට් (Denis Diderot) වෙනුවෙන් කැප වූ කෞතුකාගාරයක් වන Maison des Lumières (House of Enlightenment) හිදී සිදුව තිබෙන බව වාර්තා වේ.

අඟහරුවාදා කෞතුකාගාරය විවෘත කිරීමේදී, සේවකයින්ට කඩා බිඳ දැමූ ප්‍රදර්ශන කුටියක් දැකගත හැකි වූ අතර, ඔවුන් වහාම බලධාරීන්ට දැනුම් දී තිබේ.

මෙම සිදුවීම ප්‍රංශය පුරා සංස්කෘතික ආයතන ඉලක්ක කර ගනිමින් මෑතකාලීනව සිදුවන සොරකම් මාලාවක නවතම සිදුවීම බව සඳහන්.

සොරකම් කරන ලද කාසි 1790 සහ 1840 අතර කාලයට අයත් වන අතර, එය එම නගරයේ පෞද්ගලික එකතුවක කොටසක් බව ද වාර්තා වේ.

World News