Latest News

කාබුල්හි සිය තාක්ෂණික මෙහෙයුම වෙනුවෙන් ඉන්දියාව සිදු කළ දේ

Published 21 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කාබුල්හි සිය තාක්ෂණික මෙහෙයුම වෙනුවෙන් තානාපති කාර්යාලයක් බවට උසස් කර ඇති බව ඉන්දියාව නිවේදනය කරනවා.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන සියලු ක්ෂේත්‍ර ඔස්සේ ඇෆ්ගනිස්තානය සමග ද්විපාර්ශ්වික සම්බන්ධතාවය ශක්තිමත් කිරීමේ පුළුල් උත්සාහයේ කොටසක් ලෙස එය ක්‍රියාත්මක බවයි.

නවදිල්ලියේදී ඇෆ්ගනිස්තාන විදේශ අමාත්‍ය අමීර් ඛාන් මුත්තකි සමග පැවති සාකච්ඡාවකදී ඉන්දියාව කාබුල්හි සිය රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩිදියුණු කරන බව විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් ප්‍රකාශ කිරීමෙන් දින 11 කට පසුව ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය මෙම තීරණය නිවේදනය කර තිබෙනවා.

එහි දක්වා ඇත්තේ කාබුල්හි ඉන්දියානු තානාපති කාර්යාලය ඇෆ්ගනිස්තාන සමාජයේ ප්‍රමුඛතා සහ අභිලාෂයන්ට අනුකූලව ඇෆ්ගනිස්තානයේ සංවර්ධනය, මානුෂීය ආධාර ඇතුළු කරුණු සම්බන්ධයෙන් ඉන්දියාවේ දායකත්වය තවදුරටත් තීව්‍ර කරන බවයි.

සංවර්ධන කටයුතු සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේදී ඇෆ්ගනිස්තානයට උදව් කිරීමට ඉන්දියාව පොරොන්දු වී ඇති අතර ඇෆ්ගන් ජාතිකයින්ට විශේෂයෙන් සිසුන්ට සහ ඉන්දියාවේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට අපේක්ෂා කරන අයට වැඩි වීසා බලපත්‍ර නිකුත් කිරීමට කැපවී සිටින බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

World News