Latest News

ප්‍රංශයට දරුණු ටොනේඩෝවක් – එක් අයෙකු ජිවිතක්ෂයට, 04කට බරපතලයි

Published 23 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ප්‍රංශයේ පැරිස් අගනුවරට උතුරින් පිහිටි දිස්ත්‍රික්ක හරහා ඇති වූ ටොනේඩෝවකින් ඉදිකිරීම් දොඹකර තුනක් පෙරළී ගොස් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් සිව්දෙනෙක් බරපතළ තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගොඩනැගිලි ඉදිකිරීම් භූමියක සේවය කරමින් සිටි 23 හැවිරිදි සේවකයෙක්.

එසේම තවත් 10 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් 04 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ.

මේ අතර පැරීසියේ සිට කිලෝමීටර් 20 ක් පමණ ඊසාන දෙසින් පිහිටි එර්මොන්ට් ප්‍රදේශයේ හදිසියේ ඇති වූ මෙම කුණාටුව නිසා දිස්ත්‍රික්ක 10 කට පමණ හානි සිදුවී ඇති බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

World News