Latest News

ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩකයන් 10 දෙනා මෙන්න

Published 24 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2025 වසරේ ලොව වැඩිම වැටුප් උපයන සුපිරි ක්‍රීඩකයන් 10 දෙනෙකු විසින් ඩොලර් බිලියන 1.4 ක ආදායමක් උපයා ඇති බව ෆෝබ්ස් සඟරාව පවසකවා.

මෙම මුදල පසුගිය වසරේ වාර්තා වූයේ ඩොලර් බිලියන 1.38ක් ලෙසයි.

ෆෝබ්ස් (Forbes) ආයතනය විසින් 1990 වසරේ සිට ක්‍රීඩකයන්ගේ ආදායම් ශ්‍රේණිගත කිරීම ආරම්භ කළ දා සිට වාර්තා වූ විශාලතම මුළු එකතුව මෙයයි.

මෙම ලැයිස්තුවට ඇතුළත් වූ සෑම සාමාජිකයෙකුම අවම වශයෙන් ඩොලර් මිලියන 100 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් උපයා තිබීම ද විශේෂත්වයක්. 2024 න් පසු මෙසේ සිදු වූයේ මෙය දෙවන වතාවට පමණයි.

එසේම, බරපන්ති බොක්සිං ශූර ඔලෙක්සැන්ඩර් උසයික් ($ මිලියන 101) සහ ගොල්ෆ් ක්‍රීඩක ජෝන් රාම් ($ මිලියන 100) ද මෙම සන්ධිස්ථානයට ළඟා වූ නමුත් ඔවුන්ට ඉහළම 10 දෙනා අතරට පැමිණීමට නොහැකි වී තිබෙනවා.

පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩකයා බවට පත්ව ඇත්තේ පිට පිට තුන්වන වසරටත් සහ සමස්තයක් වශයෙන් පස්වන වතාවටයි.

40 හැවිරිදි පෘතුගීසි පාපන්දු සුපිරි තරුව පසුගිය මාස 12 තුළ, සෞදි අරාබියේ අල්-නස්ර් සමාජයේ ඔහුගේ ක්‍රීඩා වැටුප සහ පිටියෙන් පිටත ව්‍යාපාරික කටයුතු යන දෙකම ගණන් බලා, බදු සහ නියෝජිත ගාස්තුවලට පෙර ඇස්තමේන්තුගත ඩොලර් මිලියන 275 ක් රැස් කර තිබෙනවා.

මෙය ෆෝබ්ස් ආයතනය විසින් මනින ලද පරිදි සක්‍රීය ක්‍රීඩකයෙකු විසින් උපයාගත් කවදත් හොඳම තෙවන වාර්තාවයි.

රොනාල්ඩෝගේ මෙම ආදායම, ඉතිහාසයේ පැවති වාර්තාවලින් අභිබවා ඇත්තේ බොක්සිං ක්‍රීඩක ෆ්ලොයිඩ් මේවෙදර්ට පමණයි. ඔහු 2015 දී ඩොලර් මිලියන 300 ක් සහ 2018 දී ඩොලර් මිලියන 285 ක් උපයා තිබුණා.

රොනාල්ඩෝ, අල්-නස්ර් වෙනුවෙන් සෞදි ප්‍රෝ ලීග් හි ක්‍රීඩා කර වසර දෙක හමාරක් ගත වී ඇති අතර, ඔහු ඒ සඳහා වාර්ෂිකව පිටියේදී ඇස්තමේන්තුගත ඩොලර් මිලියන 225 ක් උපයන බව වාර්තා වෙනවා. ඔහුගේ කොන්ත්‍රාත්තුව මේ ගිම්හානයේදී කල් ඉකුත් වීමට නියමිත වුවද, ඔහු අල්-නස්ර් සමඟ කොන්ත්‍රාත්තුව දීර්ඝ කිරීමට හෝ වෙනත් තැනක ලාභදායී ගනුදෙනුවක් සොයා ගැනීමට ඉඩ ඇති බවට කටකතා පවතිනවා.

2025 ශ්‍රේණිගත කිරීම්වල අංක 2 ස්ථානයේ සිටින ගෝල්ඩන් ස්ටේට් වොරියර්ස් කණ්ඩායමේ ස්ටීවන් කරි, රොනාල්ඩෝට වඩා ඩොලර් මිලියන 119 කින් පසුපසින් සිටිනවා. කරිගේ මුළු ආදායම වන ඩොලර් මිලියන 156, ඔහුගේ ක්‍රීඩාව වන NBA හි නව වාර්තාවක් වන අතර, එය පසුගිය වසරේ ලෙබ්‍රොන් ජේම්ස් විසින් පිහිටුවන ලද ඩොලර් මිලියන 128.2 ක වාර්තාව අභිබවා යනවා.

ලොව ඉහළ ආදායම් ලබන ක්‍රීඩකයන් අතරින් හතර දෙනෙකුට සෞදි අරාබිය සමඟ සැලකිය යුතු සබඳතා තිබීම විශේෂත්වයක්.

ඒ අනුව 2025 ඉහළම ආදායම් ලබන ක්‍රීඩකයන් 10 දෙනා පහතින්…

1 ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ – $ මිලියන 275

2 ස්ටීවන් කරි – $ මිලියන 156

3 ටයිසන් ෆියුරි – $ මිලියන 146

4 ඩැක් ප්‍රෙස්කොට් – $ මිලියන 137

5 ලියෝනොල් මෙසී – $ මිලියන 135

6 ලෙබ්‍රොන් ජේම්ස් -$ මිලියන 133.8

7 ජුවාන් සෝටෝ – $ මිලියන 114

8 කරීම් බෙන්සෙමා – $ මිලියන 104

9 ෂෝහේයි ඕටානි – $ මිලියන 102.5

10 කෙවින් ඩියුරන්ට් – $ මිලියන 101.4

World News