අමෙරිකාව සහ චීනය නව වෙළෙඳ සාකච්ඡා සඳහා එකඟ වී තිබෙනවා.
ලෝකයේ විශාලතම ආර්ථිකයන් දෙක වන ඇමෙරිකා හා චීන ආර්ථික සබඳතා ඇමෙරිකා ජනාධිපතිවරයා පැනවූ නව තීරු බදු ප්‍රතිපත්තිය හේතුවෙන් අර්බුදයකට පත්ව තිබෙනවා.
පසුගියදා බීජිං හිදී දුර්ලභ පස් කර්මාන්තයක් සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ඊට පළිගැනීමක් ලෙස අමෙරිකා ජනාධිපතිවරයා චීන ආනයන භාණ්ඩ සඳහා 100%ක තීරුබදු පැනවීමට කටයුතු කළා.
එමෙන්ම මේ මස අගදී දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියා ෆැසිපික් ආර්ථික සහයෝගීතා සමුළුවේදී චීන ජනාධිපති ක්ෂි ජින්පින්ග් සමග සිදුකිරීමට නියමිතව තිබූ හමුවද අවලංගු කරන බවට අමෙරිකා ජනාධිපතිවරයා අනතුරු අගවා තිබුණා.
කෙසේ වුවද දෙරට අතර වෙළෙඳ අර්බුදය විසඳා ගැනීම සඳහා සාකච්ඡා කිරීමේ අවශ්‍යතාවක් මතුව ඇති අතර දෙරටේම නම්‍යශීලී එකඟතාවක් මේ සඳහා ලැබී තිබෙනවා.