Latest News

ඇෆ්ගනිස්ථානය සහ පාකිස්තානය සටන් විරාමය ගැන ගත් තීරණය මෙන්න

Published 25 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඇෆ්ගනිස්ථානය සහ පාකිස්තානය වහාම සටන් විරාමයකට එකඟ වී ඇති බව වාර්තා වනවා.

ඒ දෝහාහි පැවති සාම සාකච්ඡාවලින් පසුවයි.

කටාර් සහ තුර්කියේ මැදිහත්වීමෙන් ඊයේ (18) පැවති සාකච්ඡා වටයකදී මෙම ගිවිසුමට එළඹුණු බව කටාර් විදේශ අමාත්‍යාංශය පැවසුවා.

සටන් විරාමයේ තිරසාරභාවය සහතික කිරීම සහ එය විශ්වාසදායක සහ තිරසාර ආකාරයකින් ක්‍රියාත්මක කිරීම සත්‍යාපනය කිරීම සඳහා පසු විපරම් රැස්වීම් පැවැත්වීමට ද දෙපාර්ශ්වයම එකඟ වී තිබෙනවා.

දෝහාහි පවති මෙම සාකච්ඡාවල දී ඇෆ්ගනිස්ථානය පාර්ශවයේ ප්‍රධානියා ලෙස ආරක්ෂක අමාත්‍ය මුල්ලා මුහම්මද් යාකොබ් කටයුතු කළ අතර, පාකිස්ථාන විදේශ කාර්යාලය පැවසුවේ ආරක්ෂක අමාත්‍ය කවාජා මුහම්මද් අසිෆ් තම පාර්ශවයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ බවයි.

World News