Latest News

ට්‍රම්ප් – පුටින් තවත් හමුවක් ගැන දැනුම්දෙයි

Published 26 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමග විශේෂ හමුවක් හංගේරියාවේදී පැවැත්වීමට නියමිත බව අමෙරිකා ජනාධිපතිවරයා පවසනවා.

රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමග ඉතා ඵලදායී දුරකතන සාකච්ඡාවක් පැවැත්වූ බවයි අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ.

එම දුරකතන ඇමතුමේදී යුක්‍රේනය සමග සාමය ඇතිකිරීම සම්බන්ධයෙන් වැදගත් කරුණු රැසක් සාකච්ඡාවට බදුන්වූ බව ද ජනාධිපතිවරයා සඳහන් කරනවා.

ඒ අනුව ඉදිරියේදී රුසියා ජනාධිපතිවරයා සමග හංගේරියාවේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි අමෙරිකා ජනාධිපතිවරයා මාධ්‍ය හමුවේදී කියා සිටියේ.

ඊට පෙර අමෙරිකා , රුසියා නියෝජිත හමුවක් ඉදිරි සතියේදී පැවැත්වීමට නියමිත බවද ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරනවා.

කෙසේ වුවද රාජ්‍ය නායක හමුව පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් ට්‍රම්ප් ජනාධිපතිවරයා සඳහන් කර නැහැ.

මේ අතර ඵලදායී දුරකතන ඇමතුමෙන් අනතුරුව ඉතා ඉක්මනින් රාජ්‍ය නායක දෙපළ අතර සාකච්ඡාවක් පැවැත්වෙන බවයි ක්‍රම්ලීනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

World News