Latest News

ට්‍රම්ප්ගෙන් CIA සංවිධානයට විශේෂ අවසරයක්

Published 27 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වෙනි­සි­යු­ලාවේ රහ­සි­ගත අභ්‍ය­න්තර මෙහෙ­යුම් සිදු කිරී­මට CIA සංවි­ධා­න­යට බලය පැවරූ බව අමෙ­රි­කානු ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.

අමෙ­රි­කාව වෙත මත්ද්‍රව්‍ය ගලා ඒම වැළැ­ක්වීමේ අර­මු­ණින් මේ පිය­වර ගත් බවට ජනා­ධි­ප­ති­ව­රයා සඳ­හන් කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

මෑත කාලයේ දකුණු අමෙ­රි­කානු කලා­පයේ අමෙ­රි­කානු හමුදා මෙහෙ­යුම් වර්ධ­නය වී ඇති බවත්, කැරි­බි­යන් මුහුදු තීරය කේන්ද්‍ර කර­මින් අමෙ­රි­කානු හමුදා සෙබ­ළුන් දස­ද­හ­ස­කට ආසන්න පිරි­සක් යොදවා ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරනවා.

වෙනි­සි­යු­ලාවේ අභ්‍ය­න්තර මෙහෙ­යුම් සිදු කිරි­මට CIA සංවි­ධා­න­යට බලය පැව­රී­මට ඩොනල්ඩ් ට්‍රම්ප් ගනු ලැබූ තීර­ණය දකුණු අමෙ­රි­කානු රට­වල දැඩි අප්‍රසාදයට ලක්වී ඇති අතර, එවැනි කිසිඳු මෙහෙ­යු­ම­කට ඉඩ නොත­බන බව වෙනි­සි­යු­ලාවේ ජනා­ධි­පති නිකො­ලස් මදුරෝ ප්‍රකාශ කර තිබෙනවා.

ඕනෑම මොහො­තක අමෙ­රි­කානු ප්‍රහා­ර­ය­කට මුහු­ණ­දීම සඳහා රට තුළ හදිසි අව­ස්ථා­වක් ප්‍රකා­ශ­යට පත් කිරි­මට සූදා­නම් බව ද වෙනි­සි­යු­ලාවේ ජනා­ධි­ප­ති­ව­රයා වැඩි­දු­ර­ටත් ප්‍රකාශ කළ බවයි වාර්තා වන්නේ.

පසු­ගිය සති කිහි­පය ඇතු­ළත අමෙ­රි­කානු හමු­දාව කැරි­බි­යන් මුහුදු තීර­යේදී සැක සහිත යාත්‍රා­ව­ලට අවම වශ­යෙන් ගුවන් ප්‍රහාර 5ක් එල්ල කර ඇති අතර, පුද්ග­ල­යන් 27 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත්වී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳ­හන් කරනවා.

World News