Latest News

අමෙරිකාවේ සහ කැනඩාවේ ගුවන් තොටුපළවල් කිහිපයකට හැකර් ප්‍රහාරයක්

Published 28 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාවේ සහ කැනඩාවේ ජාත්‍යන්තර ගුවන් තොටුපළ කිහිපයකට හමාස් හිතවාදීන් විසින් ගුවන් විකාශන පද්ධති, ගුවන් තොරතුරු ප්‍රදර්ශන පද්ධති, මහජන PA system හැක් කර තිබෙනවා.

මෙලෙස හැක් කර ඇත්තේ අමෙරිකාවේ පෙන්සිල්වේනියාවේ හැරිස්බර්ග් සහ කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියාවේ කෙලෝනා ජාත්‍යන්තර ගුවන් තොටුපළවල මහජන දැන්වීම් පද්ධතියයි.

ගුවන් තොටුපළේ මහජන දැන්වීම් පද්ධතිය මගින්අනවසර පණිවිඩයක් විකාශය කර තිබුණා.

ගුවන් තොටුපළ ප්‍රකාශකයෙකුට අනුව, යමෙක් පද්ධතියට ප්‍රවේශ වී පටිගත කරන ලද පණිවිඩයක් ප්‍රදර්ශනය කර තිබුණා.

අමෙරිකානු ජනාධිපතිට සහ ඊශ්‍රායල අගමැතිවරයාට අපහාස වෙන ප්‍රකාශ ද ඇතුළත් වී තිබෙන බව සඳහන්.

එම පණිවිඩයේ කොටසක් මෙසේ වූ බවයි විදෙස් වාර්තා පළකළේ.

“හැක්කළේ තුර්කි මුතාරිෆ් සයිබර් ඉස්ලාම් කණ්ඩායමයි. පලස්තීනුවන් නිදහස් කරනු! පලස්තීනුවන් නිදහස් කරනු! පලස්තීනුවන් නිදහස් කරනු!”.

මෙම අනවසරයෙන් විකාශය වූ පණිවිඩයටඅමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ටමෙන්ම ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුටඑරෙහිව යොමු වූප්‍රකාශද ඇතුළත් වුණා.

මෙම සයිබර් කඩාකප්පල්කාරී ක්‍රියාව හේතුවෙන් ගුවන් යානාවලට නැගීමට බාධා ඇති වීම නිසා මගීන් කලබලයට පත් වූ නමුත්ගුවන් ගමන් ආරක්ෂාව සම්බන්ධ ගැටළු කිසිවක් ඇති නොවූ බවයි එරට වාර්තාවල දැක්වෙන්නේ.

අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින්, එම අවස්ථාවේදී ගුවන් යානයකට ගොඩවෙමින් සිටි ගුවන් මගීන්පූර්ණ පරීක්ෂාවකට ලක් කර තිබෙනවා.

කෙසේ වෙතත්, ගුවන් තොටුපළ සඳහන් කර ඇත්තේකිසිදු ආරක්ෂක ගැටලුවක් සොයා නොගත් බවයි.

හැරිස්බර්ග් ගුවන් තොටුපළ මේ වන විටසාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව සඳහන්.

මීට අමතරව, කැනඩාවේ බ්‍රිටිෂ් කොලම්බියාවේගුවන් තොටුපළක මහජන දැන්වීම් පද්ධතිය දමෙලෙසම හැක් කර ඇති අතර, එහිදීහමාස් හිතවාදී පණිවිඩ සහ ට්‍රම්ප්ට එරෙහි පණිවිඩවිකාශය කර තිබුණා.

පසුව මෙම පද්ධති යථාතත්වයට පත්කළ බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

World News