පිලිපීනයට එල්ල කරන බලපෑම් සම්බන්ධයෙන් අමෙරිකාව චීනයට දොස් පවරා තිබෙනවා.
අමෙරිකාව පවසන්නේ චීනයේ ක්‍රියාකලාපය හෙළා දකින බවයි.
දකුණු චීන මුහුදේ මතභේදාත්මක දූපත් අසල සමුද්‍රීය ගැටුමක් සම්බන්ධයෙන් අමෙරිකාවේ මිත්‍ර රාජ්‍යයක් වන පිලිපීනය සහ චීනය අතර චෝදනා හුවමාරු වීමෙන් පසු අමෙරිකාව මෙම අදහස් පළ කර තිබුණා.
ඒ අනුව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ, “දකුණු චීන මුහුදේ තිටු දූපත අසල පිලිපීන ධීවර හා ජලජ සම්පත් කාර්යාංශයේ නෞකාවකට චීනය ඔක්තෝබර් 12 වන දින පහර දීම සහ ජල ප්‍රහාර එල්ල කිරීම එක්සත් ජනපදය හෙළා දකී,” යනුවෙන්.
“කලාපීය ස්ථාවරත්වයට හානි කරන චීනයේ භයානක ක්‍රියාවන්ට ඔවුන් මුහුණ දෙන විට අපි අපගේ පිලිපීන මිත්‍ර පාක්ෂිකයින් සමඟ සිටිමු,” යනුවෙන් එම දෙපාර්තමේන්තුව තවදුරටත් එම නිවේදනයේ දැක්වෙනවා.