Latest News

ඊජිප්තුවේ සිට රෝමය බලා ගමන් කරමින් සිටි ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි

Published 29 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඊජිප්තුවේ ෂාර්ම් එල්-ෂෙයික් නිවාඩු නිකේතනයේ සිට රෝමය බලා ගමන් කරමින් සිටි WizzAir ගුවන් යානයක් ආරක්ෂක හේතූන් මත
නේපල්ස් වෙත හදිසියේම ගොඩබෑමට සිදු වී තිබෙනවා.

ඒ යානය තුළ ව්‍යාප්ත වී තිබූ සැක සහිත දුමාරයක් හේතුවෙන්.

මෙම ගුවන් යානයේ රතු මුහුදේ නිවාඩු නිකේතනයේ පැවති ගාසා සාම සමුළුව ආවරණය කරමින් සිටි සංචාරකයින් සහ මාධ්‍යවේදීන් ද සිටි බව සඳහන්.

කෙසේවෙතත් යානය තුළ මෙම දුමාරය පැතිරීමට හේතුවත් මෙතෙක් අනාවරණය වී නොමැති අතර සංචාරකයින් සහ මාධ්‍යවේදීන් පිරිස නිරුපද්‍රිතව අදාළ ගමනාන්ත වෙත යොමු කළ බව සඳහන්.

World News