Latest News

බ්‍රිතාන්‍යය සහ ඉන්දියාව අතර පවුම් මිලි­යන 350ක ආර­ක්ෂක ගිවි­සු­ම­ක්

Published 30 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දි­යාව සමඟ පවුම් මිලි­යන 350ක ආර­ක්ෂක ගිවි­සු­ම­කට අත්සන් තැබූ බව බ්‍රිතාන්‍ය රජය නිවේ­ද­නය කර තිබෙනවා.

එම ගිවි­සු­මට අනුව බ්‍රිතාන්‍ය විසින් ඉන්දි­යා­වට ගුවන් ආර­ක්ෂණ මිස­යිල සහ මිස­යිල විදින උප­ක­රණ සැපැ­යී­මට නිය­මිත අතර, එමඟින් උතුරු අය­ර්ල­න්තයේ රැකියා විශාල ප්‍රමා­ණ­යක් බිහි­වනු ඇති බවයි බ්‍රිතාන්‍ය රජය වැඩි­දු­ර­ටත් නිවේ­ද­නය කර ඇත්තේ.

එම ගිවි­සු­මට අනුව ඉන්දීය හමු­දා­වට උතුරු අය­ර්ල­න්තයේ බෙල්ෆාස්ට් අග­නු­වර කේන්ද්‍ර කර­මින් බ්‍රිතා­න්‍යය නිෂ්පා­ද­නය කරනු ලබන සැහැල්ලු බහු­කාර්ය මිස­යිල සැප­යී­මට නිය­මි­තව ඇති අතර, එම ව්‍යාපෘ­තිය මඟින් උතුරු අය­ර්ල­න්තයේ රැකියා අවස්ථා 700කට වැඩි ප්‍රමා­ණ­යක් විවෘත වනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළා.

ඉන්දීය හමු­දා­වට සැප­යී­මට නිය­මි­තව ඇති ගුවන් ආර­ක්ෂණ මිස­යිල සහ මිස­යිල විදින උප­ක­රණ මේ වන­විට යුක්රේ­න­යට ද සප­යනු ලබන බව වාර්තා වනවා.

මීට අම­ත­රව ඊළඟ අදි­ය­රේදී ඉන්දීය නාවික හමුදා යාත්‍රා සඳහා විදත් බල­යෙන් ක්‍රියා කරන එංජිම සැප­යීම සඳහා දෙරට අතර පවුම් මිලි­යන 250ක ගිවි­සු­මක් ක්‍රියා­ත්මක කිරීම සඳහා අත්සන් තැබූ බව ද බ්‍රිතාන්‍ය රජය නිකුත් කළ නිවේ­ද­නයේ සඳ­හන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

World News