අමෙරිකාවේ ටෙනසි ප්‍රාන්තයේ යුධෝපකරණ කම්හලක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 19 දෙනෙකු අතුරුදන් වී තිබෙනවා.
පිපිරීමෙන් මිය ගිය සංඛ්‍යාව පිළිබඳ මේ වන විටත් තොරතුරු වාර්තා වී නැහැ.
හම්ෆ්‍රීස් ප්‍රාන්ත ෂෙරීෆ් ක්‍රිස් ඩේවිස් ප්‍රකාශ කළේ පිපිරීමෙන් බහුවිධ මරණ සිදුව ඇති නමුත් ඇතැමුන් දිවිබේරාගෙන ඇති බවට තමන් විශ්වාස කරන බවයි.
එෆ්බීඅයි සහ මධ්‍යසාර , දුම්කොල, ගිනිඅවි සහ පුපුරණ ද්‍රව්‍ය කාර්යාංශයේ විමර්ශකයින් පිපිරීමට හේතුව සොයා පරීක්ෂණ සිදු කරමින් සිටිනවා.
අක්කර 1,300 ක පමණ භූමි ප්‍රමාණයක් මෙහි පවතින අතර දැවැන්ත ගොඩනැගිලි ඉදිකර තිබෙනවා.
ප්‍රධාන ගොඩනැගිල්ලට අමතරව පරිවාර ගොඩනැගිලි 08 ක් සහ රසායනාගාරයක් ද මෙම පරිශ්‍රයට ඇතුළත්.
ප්‍රධාන ගොඩනැගිල්ලේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් නොපැවති බවයි අමෙරිකා රජය සඳහන් කරන්නේ.