ජගත් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව ප්‍රතික්ෂේප කරන බව විදේශ අමාත්‍යංශය අවධාරණය කරනවා.
රටවල් 30ක අනුග්‍රහය මත ඉදිරිපත් වූ මෙම යෝජනාව සම්මත කරගෙන තිබෙන්නේ ඡන්ද විමසීමකින් තොරවයි.
ශ්‍රී ලංකා රජය ඉතා කෙටිකාලයක් තුළ සංහිඳියාව සහ මානව හිමිකම් පිළිබඳ තීරණාත්මක පියවර මාලාවක් ගෙන තිබෙනවා.
පසුගිය ජුනි මාසයේ දී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ ජගත් මානව හිමිකම් මහ කොමසාරිස්වරයාට ද රටේ තත්ත්වය සියැසින් දැකබලා ගැනීමට අවස්ථාව ලැබුණා.
ශ්‍රී ලංකාවේ සියලු සමාජ කොටස් හරහා වෙනස්වීමේ වේගය සහ ගැටලු විසඳීමට රජය තුළ ඇති සැබෑ විවෘතභාවය අත්විදීමට එහිදී ඔහුට අවස්ථාව හිමිවුණා.
ජගත් මානව හිමිකම් කවුන්සිලයට මහ කොමසාරිස්වරයා ඉදිරිපත් කළ වාර්තාවේ ද දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ පරිවර්තනීය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට ඓතිහාසික අවස්ථාවක් ඇති බවයි.
විදේශ කටයුතු අමාත්‍යවරයා ද මානව හිමිකම් කවුන්සිලය හමුවේ අවධාරණය කළේ ඉතා කෙටි කාලයක් තුළ සංහිඳියාව හා මානව හිමිකම් පිළිබඳ ප්‍රත්‍යක්ෂ සහ තීරණාත්මක පියවර මාලාවක් රජය විසින් ගෙන ඇති බවයි.
මෙවැනි තත්ත්වයක් තුළ දේශීය ක්‍රියාවලීන් හරහා තම ජනතාවගේ අයිතිවාසිකම් ඉදිරියට ගෙනයාමට මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගැනීමට ශ්‍රී ලංකාවට ඉඩදිය යුතුයි.
ඒ අනුව මෙම ජාත්‍යන්තර ක්‍රියාමාර්ග සමග එකග නොවන අතර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාව ප්‍රතික්ෂේප කරන බවයි විදේශ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.
මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී චීනය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ප්‍රසංශා කරමින් අදහස් පළකර තිබෙනවා.
ඔවුන් පවසා ඇත්තේ ශ්‍රී ලංකාව මානව හිමිකම් ආරක්ෂා කිරීමේ දී හා ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීමේදී ලබාගෙන ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් ප්‍රසංශා කරන බවයි.
ඉතියෝපියාව හා කියුබාව ද ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට විරෝධය පළකර තිබෙනවා.