Latest News

පුටින්ගෙන්, නෙතන්යාහුට හදිසි ඇමතුමක්

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රුසියානු ජනපති ව්ලැද්මීර් පුටින් සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අතර සාකච්ඡාවක් දුරකතනය ඔස්සේ පවත්වා තිබෙනවා.

රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ මේ වනවිට මැද පෙරදිග මතුවී ඇති තත්ත්වය පිළිබඳ මෙම ඇමතුමේදී සාකච්ඡා කළ බවයි.

මෙය තරමක් ගැඹුරු සාකච්ඡාවක් වූ බවත් අනෙකුත් කලාපීය කරුණු පිළිබඳව අදහස් හුවමාරු කරගත් බවත් එම අමාත්‍යාංශය සඳහන් කර සිටියා.

මේ අතර තවත් වාර්තාවල දැක්වෙන්නේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ගාසා ගැටුම අවසන් කිරීමේ සැලැස්ම පිළිබඳ මෙහිදී සාකච්ඡා වූ බවයි.

ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සහ සිරියාවේ තත්වය පිළිබඳ විසඳුම් ද මෙහිදී සාකච්ඡා වූ බව ඊශ්‍රායල මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.

ගාසා සටන්විරාමය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මේ වනවිට ඊශ්‍රායලය, අමෙරිකාව, හමාස් සංවිධානයේ නියෝජිතයින් ඊජිප්තුවට පැමිණ සාකච්ඡා ආරම්භ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

World News