Latest News

අමෙරිකාවේ LGBTQ ගැන ආන්දෝලනාත්මක නඩු මාලාවක් විභාග කිරීමට සූදානමක්

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය අද දිනයෙන් ආරම්භ වන නව මාස 09ක ධුර කාලය තුළ දී රටේ සංස්කෘතික යුද්ධ හා සම්බන්ධ ආන්දෝලනාත්මක නඩු මාලාවක් විභාග කිරීමට සූදානම් වනවා.

මෙම මතභේදාත්මක ගැටලු අතර, ලිංගිකත්වය වෙනස් කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සම්බන්ධ නීති පරීක්ෂා කිරීම, සමලිංගික පරිවර්තන ප්‍රතිකාර තහනම් කිරීමට එරෙහිව අභියෝග, හවායි හි අත්තුවක්කු සීමාවලට අභියෝග කිරීම සහ ඡන්ද අයිතිවාසිකම් පනතේ විධිවිධාන අනතුරේ හෙළීම යනාදිය ද ඇතුළත්.

කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ, බර්ක්ලි නීති විද්‍යාලයේ පීඨාධිපති අර්වින් චෙමරින්ස්කි ප්‍රකාශ කළේ, “පසුගිය වසරේ මෙන්ම, මෙම ධුර කාලය තුළදී ද ශ්‍රේෂ්ඨාධිකරණය නැවත වරක් සංස්කෘතික යුද්ධ සහ ට්‍රම්ප්ගේ ජනාධිපති ධුරය තුළින් පැන නගින, අපේ රට දැඩි ලෙස බෙදන, ගැටලුවලට මුහුණ දෙනු ඇති” බවයි.

හෙට දින , මෙම නඩු අතරින් පළමුවැන්න විභාග කිරීමට නියමිතයි. මෙහිදී, පුද්ගලයෙකුගේ ලිංගික දිශානතිය හෝ ස්ත්‍රී පුරුෂ අනන්‍යතාව වෙනස් කිරීම අරමුණු කරගත් පරිවර්තන ප්‍රතිකාර තහනම් කරන, ඩිමොක්‍රටික් පාර්ශවයේ සහාය ලත් කොලරාඩෝ නීතියක නීත්‍යානුකූලභාවය සම්බන්ධයෙන් තර්ක ඉදිරිපත් කිරීමට නියමිත බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

මෙම නීතියට අභියෝග කළ ක්‍රිස්තියානි වෘත්තීය උපදේශකවරියට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය සහාය දක්වනවා.

කොලරාඩෝ නඩුවේ පැමිණිලිකාරිය තර්ක කරන්නේ, මෙම රාජ්‍ය නීතිය ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු සංශෝධනයේ නිදහස් කථන ආරක්ෂාවන්ට එරෙහිව කටයුතු කරන බවත්, සේවාදායකයන් සමඟ ඇයගේ සන්නිවේදනය නීති විරෝධී ලෙසවාරණය කරන බවයි.

පහළ උසාවි මෙම නීතියේ වලංගු භාවය තහවුරු කළ නමුත්, පළමු සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ගෙන් යුත් බහුතරයේ ප්‍රතිචාරය අවශ්‍ය වනවා.

ශ්‍රේෂ්ඨාධිකරණය6-3 ක කන්සර්වේටිව් බහුතරයකින්සමන්විතයි.

ජෝර්ජ්ටවුන් විශ්ව විද්‍යාලයේ නීති මහාචාර්ය ස්ටෙෆනි බාක්ලේ (Stephanie Barclay) පුරෝකථනය කරන්නේඋපදේශකවරියට පක්ෂව 6-3 ක ඡන්දයක්ලැබෙනු ඇති බවයි.

කොලරාඩෝවේ නීතිපති ෆිල් වයිසර් අධිකරණ ලේඛනයක් මගින් කියා සිටියේ, පරිවර්තන ප්‍රතිකාරයවිශාදය වැඩි වීම සහ සියදිවි නසා ගැනීමේ උත්සාහයන් සමඟ සම්බන්ධ වී ඇති බවයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, පළමු සංශෝධනය මගින් රෝගීන් ප්‍රමිතියෙන් තොර ප්‍රතිකාරවලින් ආරක්ෂා කිරීම සඳහා වෘත්තීය හැසිරීම් සාධාරණ ලෙස නියාමනය කිරීමට ප්‍රාන්තවලට අවසර දෙන බවයි.

කොලරාඩෝවේ නීතියට අනුව, සේවාදායකයා ප්‍රතිකාර සොයමින් එම වෙනස අපේක්ෂා කළත්, පුද්ගලයෙකුගේ ලිංගික දිශානතිය හෝ ස්ත්‍රී පුරුෂ අනන්‍යතාව වෙනස් කිරීමට උත්සාහ කරන ඕනෑම ප්‍රතිකාරයක් දරුවන් මත සිදු කරන්නේ නම්, මානසික සෞඛ්‍ය වෘත්තිකයන් විනය ක්‍රියාමාර්ගවලට යටත් වනවා.

මෑත වසරවලදී, ශ්‍රේෂ්ඨාධිකරණය කොලරාඩෝවේ රාජ්‍ය,වෙනස්කම් කිරීම්වලට එරෙහි නීතිවලට අභියෝග කළ ක්‍රිස්තියානි පැමිණිලිකරුවන්ටපක්ෂව තීන්දු ලබාදුන්නා.

සමලිංගික යුවළක් සඳහා විවාහ කේක් සෑදීම ප්‍රතික්ෂේප කළබේකරිකරුවෙකුටපළමු සංශෝධනයේ ආගමික නිදහස පදනම මත අධිකරණ සහාය හිමිවීම එක් නිදසුනක්.

මෙම ධුර කාලය තුළදී ද, අධිකරණය නැවතත් ආගමික නිදහස සහ නිදහස් කථනය කේන්ද්‍ර කරගත් මෙවැනි සංස්කෘතික ගැටලු විභාග කරනු ඇති බව එරට මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළා.

World News