සැන්ඩ්‍රා මැක් අපිට හමුවෙන්නේ චත්‍ර වීරමන් සිනමා නිර්මාණයක් වන ‘ආයු‘ තුළින්. ආයු නිර්මාණයෙන් බොහෝ දෙනාගේ අවධානය දිනා ගන්නට ඇය සමත් වෙනවා. ඒ නිසා සැන්ඩ්‍රා ගැන රසඳුන අපිට හොයා යන්නට හිතුණා.
සැන්ඩ්‍රා මැක්…අපි කැමතියි ඔබ ගැන දැන ගන්න?
මම පාසැල් ගියේ බම්බලපිටියේ ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයට. පසුව කොළඹ මෙතෝදිස්ත විද්‍යාලයට. ඉන්පසු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බාහිර උපාධියක් ලබා ගන්නවා. මේ වෙද්දී වෙෙළද ප්‍රචාරණ ක්ෂේත්රයේ රැකියාව කරන්නේ. කෙටිකතා කියල වෙෙළඳ ප්‍රචාරණ ආයතනයක නිර්මාණ අධ්යක්ෂ ලෙස කටයුතු කරනවා. අම්මයි තාත්තයි ජීවතුන් අතර නැහැ. මට සහෝදර සහෝදරියන් දෙදෙනෙක් ඉන්නවා
සැන්ඩ්‍රා මැක් මේ වෙද්දී නිතර නොදැක්කත් රංගනය කියන දේ අලුත් දෙයක් නෙවෙයි නේද?
ඔව්… මම පොඩි කාලේ ඉඳන් වේදිකා නාට්‍යවල රඟපෑවා. මට මතකයි නත්තල් සමයේදී පල්ලියේ නාට්‍යයක එඬේරෙක්ගේ චරිතේ මට ලැබුණේ. හැබැයි මම දේවදූතයෙක්ගේ චරිතේ තමයි බලාපොරොත්තුවෙන් හිටියේ. එතකොට මට වයස අවුරුදු හතයි. පසුව මම බොහෝ නාට්‍යවල රඟපෑවා. ඒ වගේම මම නාට්‍ය ලිව්වා. අධ්‍යක්ෂණය කළා. මෙතෝදිස්ත විදුහලේ ඉන්න කාලේ හොඳම තිර රචනය සඳහා වන සම්මානය ලබා ගත්තා. බ්‍රිටිෂ් කවුන්සිල්හී රූඩි කොරෙන්ස් සහ ස්කොට් රිචාර්ඩ්ස්, ජිත් පීරිස්, ඇන්ඩෘ ඩේවිඩ්, ඉන්දු ධර්මසේන, කිසාරා යටියාවෙල විසින් අධ්‍යක්ෂණය කරන ලද නාට්‍යවල රඟපෑවා.
ඒ වගේම 2002 වර්ෂයේ බූඩි කීර්තිසේන අධ්‍යක්ෂණය කල ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශය වූ එච්. ඩී. ප්‍රේමරත්න මහතා නිෂ්පාදනය කළ ‘සත්‍යය‘ නම් ඩොග්මා ස්ටයිල් ටෙලි නාට්‍යයේ මහේන්ද්‍ර පෙරේරා එක්ක රඟපෑවා. ඒ එක්කම මම රූපවාහිනියේ වෙෙළඳ දැන්වීම් කිහිපයකුත් කරලා තියෙනවා.
කොහොමද ආයුහි ප්‍රධාන භූමිකාව ලැබෙන්නේ?
‘ආයු‘හි ප්‍රධාන භූමිකාව ලැබෙන්නේ අහම්බෙන්. මට චත්‍ර වීරමන්ගෙන් දුරකතන ඇමතුමක් එනවා. ඒ එන්නේ ඔහුගේ දෙවැනි චිත්‍රපටයේ ප්‍රධාන චරිතෙට ස්ක්‍රීන් ටෙස්ට් එකකට එන්න කැමතිද කියලා. මම ඒ වෙලාවේ හිතුවේ යාළුවෙක්ගේ විහිළුවක් කියලා. හොයල බලනකොට කතාව ඇත්ත. චත්‍ර නිෂ්මිගේ චරියට පණ පොවන්න නිළියක් හොයන කාලේ කුමාර කියන නිෂ්පාදන කළමනාකරු මගේ නම චත්‍රට යෝජනා කරලා. මම දොස්තර කෙනෙක් හැටියට රඟපෑ වෙෙළඳ දැන්වීමක ඔහු නිෂ්පාදන කාර්ය මණ්ඩලයේ හිටිය කෙනෙක්. ඒක ප්‍රසන්න ජයකොඩිගේ නිර්මාණයක්. එහෙම තමා මට ආයුහි නිෂ්මිගේ චරිතය ලැබෙන්නේ.
චිත්‍රපටය තිරගත වෙන්න කාලයක් ගත වෙනවා. ඒ ගැන කියන්න දෙයක් ඇති?
මම හිතන්නේ ‘ආයු‘ චිත්‍රපටය ආදරය, අහිමි වීම සහ තමන්ව සොයා ගැනීම ගැන. ඒක දැවැන්ත ආදර කතාවක්. මෙම චිත්‍රපටය විශේෂ කරන එකදු ඉන්ද්‍රජාලික මොහොතක්වත් කාලය විසින් පැහැරගෙන ගොස් නැහැ. 2025 වසර ‘ආයු‘ තිරගත වීමට නියමිතව තිබුණා කියලා මට හිතෙනවා. මේ වසර චිත්‍රපට ක්ෂේත්රයේ නිර්මාණශීලී පුද්ගලයින්ට අපූරු වසරක් වුණා. සමහර ලස්සන දේවල් වලට කාලය යනවා. මේ චිත්‍රපටිය නිකුත් කරන්න මේක තමයි නියම වෙලාව.
ඔබ ඔබවම පුළුල් තිරයේ දකිද්දී මොකද හිතුණේ?
පුළුල් තිරයේ දකිද්දී සතුටට පත් වුණා. චිත්‍රපටය සෑදීමට සම්බන්ධ වූ සියල්ලන් විසින් කරන ලද විශාල දායකත්වය කුමක්දැයි මට වැටහුණා. මගේ චරිතය පණ ගැන්වීම සඳහා බොහෝ අය වෙහෙස මහන්සි වී සිටියා. මට ඒක පුළුල් තිරයේ දකිද්දී හොඳින් දැනුන.
අමතක නොවන අත්දැකීම් ඇති නේද?
අමතක නොවන අත්දැකීම් බොහෝයි. ඒ වගේම සුන්දරයි. දවසක් අපි ටික දෙනෙක් පාන්දර කූරුගල හිරු උදාව නරඹන්න කාටත් නොකියා රහසින් කූරුගල නැග්ග. නඟිනකොට පාන්දර තුනයි. අපි බැහැල ආවට පස්සේ අපි අවසරයකින් තොරව ගිය නිසා අපි හයදෙනාට කුරුගල වීරයෝ කියල විහිළු කළා.
අශාන් සහ ජගත්ගෙන් ලැබුණු සහයෝගය කොහොමද?
අශාන් ඩයස් සග ජගත් මනුවර්ණ කියන නළුවන් දෙදෙනාම ජනප්‍රිය තරු. එවැනි වෘත්තිකයන් සමඟ වැඩ කරන්න ලැබුණ එකත් මට සතුටක්. ඔවුන් සමඟ වැඩ කිරීම පහසුයි. මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා.
අමතක කරන්නම බැහැ. නිළි රැජන ඔබේ මවගේ චරිතය රඟ දක්වන්නේ, ඒ ලැබුණු අවස්ථාව ගැන මතක් කළොත්…?
මාලිනි ෆොන්සේකා. ඇය සිංහල රිදී තිරයේ රැජනයි. ඇයගේ ලොකුම රසිකයන් අතර මමත් එක්කෙනෙක්. චිත්‍රපටයේ මගේ මවගේ චරිතය රඟපාන බව මට පැවසූ විට මම අතිශයින් සතුටට පත් වුණා. ඇය සමඟ වැඩ කිරීමට අවස්ථාව ලැබීම ගෞරවයක්. ඒ එක්කම අද අප අතර ඉතා විශේෂ පුද්ගලයන් දෙදෙනෙක් නැහැ. එක්කෙනෙක් සමන් වීරමන් මහතා. මේ ඔහුගේ කතාව. මේ පිටුපස සිටින නිර්මාණශීලී පුද්ගලයා ඔහුයි. සිංහල සිනමාවේ රැජන මාලිනී ෆොන්සේකා. අපට ඔවුන් නැතුව පාලුයි. ඔවුන්ගේ ආත්මයන් මෙහි සිටින බව මම විශ්වාස කරනවා.
අපි චත්‍ර ගැනත් කතා කරන්නම ඕනේ, කොහොමද ඔහුගේ අධ්‍යක්ෂණය ඔබට දැනුණේ?
ඔහු තාරුණ්‍යයේ ඉන්න දක්ෂ අධ්යක්ෂවරයෙක්. ඔහු අලුත් දේවල් කරන්න උත්සාහ කරනවා. වෙෙළඳ ප්‍රචාරණ ක්ෂේත්රයේ පුද්ගලයෙකු ලෙස මම දේශීය චිත්‍රපට අධ්යක්ෂවරුන් සමඟ වැඩ කරනවා. ඔහුට යම් ප්‍රමිතියක් සකස් කිරීමේ හැකියාව තියෙනවා. මම හොඳින් රඟපෑවා නම් අධ්යක්ෂවරයා ඔහුගේ කාර්යය හොඳින් කරලා තියෙනවා.
ඔබ වෘත්තියෙන් දැන්වීම්කරණ ක්ෂේත්රයේ ඉන්නේ…ඉදිරියේදීත් සිනමා නිර්මාණවලට සම්බන්ධ වෙනවද?
මම රඟපාන්න කැමැතියි. මම තවත් චිත්‍රපට කරන්න කැමතියි. මට ආරාධනා ලැබුණොත් මම රඟපානවා.
මේ වෙද්දී තව සිනමා නිර්මාණ වලට දායක වෙලා තියෙනවද ?
මම ශ්‍යාම් ප්‍රනාන්දු එක්ක නාලක විජේවර්ධනගේ ‘Within the Sound of Silence’ කෙටි චිත්‍රපටයේ රඟපෑවා. ඒක තාම නිකුත් වෙලා නැහැ.
ආයු ඔක්තෝබර් 2 වැනිදා සිට සිනමා රසිකයන්ට බාරයි. ඔබ සිනමා රසිකයන්ට ආයු ගැන කියන්නේ මොනවද?
ආයු ඔබේ හදවත සහ ආත්මය ස්පර්ශ කරනු ඇත. එයට ඉඩ දෙන්න.