Latest News

සිය දරුවන් දෙදෙනා ඝාතනය කර ගබඩා කාමරයක් තුළ දමා විදෙස්ගත වූ මව

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

නවසීලන්තයේ, ඔක්ලන්ඩ් නගරයේදී සිය දරුවන් දෙදෙනා ඝාතනය කර ගබඩා කාමරයක් තුළ දමා විදෙස්ගත වූ ඔවුන්ගේ මව ඒ සම්බන්ධයෙන් වරදකරු ලෙස නම් කර තිබෙනවා.

2018 ජූනි මාසයේදී අදාළ කාන්තාව විසින් වයස අවුරුදු 8 ක් වූ දියණියද අවුරුදු 6 ක් වූ පිරිමි දරුවාද ඔවුන්ගේ ආහාර වලට වස මිශ්‍ර කර ඝාතනය කළා.

පසුව දරුවන්ගේ සිරුර තුනී Plastic බැග තුනකින් බැඳ, සුට්කේස් තුළට දමා, Papatoetoe Safe Store ගබඩාවට ගෙන ගොස් දමා තිබෙනවා.

පසුව කාන්තාව නම වෙනස් කර ගනිමින් දකුණු කොරියාවට පළා ගොස් ඇති අතර වසර 4ක් පුරා ගබඩාවට ගාස්තුද ගෙවා ඇති බව නවසීලන්ත පොලීසිය සොයාගත්තා.

අනතුරුව දකුණු කොරියාවේදී අත්අඩංගුවට ගත් මව නිව්සීලන්තයට ගෙනැවිත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

සිදුකළ මූලික පරීක්ෂණ වලදී අනාවරණය වුයේ අදාළ කාන්තාවගේ සැමියා මිය ගිය පසු ඇය මානසික ආබාධයකින් පෙළී ඇති බවයි.

දින 14ක නඩු විභාගයෙන් අනතුරුව මව වැරදිකරු වූ අතර දඩුවම තවම නියම කර නොමැති බවයි වාර්තා වන්නේ.

World News

Send your contact Details Today