Latest News

හිටපු FBI අධ්‍යක්ෂවරයාට අධි චෝදනා

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකා එක්සත් ජනපදයේ හිටපු FBI අධ්‍යක්ෂ ජේම්ස් කොමේට අධිචෝදනා ගොනු කර තිබෙනවා.

ඒ වර්ජිනියා ප්‍රාන්තයේ ෆෙඩරල් මහා ජූරි සභාවක් විසින් කොංග්‍රසයට කළ සාක්ෂියට අදාළ චෝදනා දෙකක් සම්බන්ධයෙන්.

දිගු කලක් තිස්සේ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විවේචනයට ලක්ව ඇති කොමේ, 2020 සැප්තැම්බර් මාසයේ සාක්ෂි දීමේදී මාධ්‍යයට රහසිගත තොරතුරු කාන්දු කිරීමට තමා අවසර දුන්නේද යන්න පිළිබඳව කොංග්‍රසයට බොරු කී බවට චෝදනා එල්ල වී තිබෙනවා.

ඒ අනුව අධිචෝදනා පත්‍රයට ප්‍රතිචාර දක්වමින් කොමේ මහතා තමා නිර්දෝෂී බව ප්‍රකාශ කළ අතර ෆෙඩරල් අධිකරණ පද්ධතිය කෙරෙහි තමාට දැඩි විශ්වාසයක් ඇති බවයි පවසා ඇත්තේ.

මෙම චෝදනාව එල්ල වන්නේ, ට්‍රම්ප් මහතා කොමේ මහතා ඇතුළු ඔහුගේ දේශපාලන විරුද්ධවාදීන් වඩාත් ආක්‍රමණශීලී ලෙස විමර්ශනය කරන ලෙස රටේ ඉහළම නීතිය ක්‍රියාත්මක කරන නිලධාරියා වන නීතිපති පැම් බොන්ඩිගෙන් ඉල්ලා සිටීමෙන් දින කිහිපයකට පසුව වීම විශේෂත්වයක්.

World News