Latest News

ලොව වේගවත්ම මෝටර් රථයේ වාර්තාව BYD ‘Xtreme’ බිඳ දමයි (VIDEO)

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

චීනයේ BYD සමාගමේ Yangwang U9 ‘Xtreme’ සුපිරි මෝටර් රථය මේ මස මුලදී ජර්මනියේ පැවති පරීක්ෂණ ධාවනයකදී පැයට කිලෝමීටර 496.22 (පැයට සැතපුම් 308) ක උපරිම වේගයක් වාර්තා කළ බව එම සමාගම පවසනවා.

එය මෝටර් රථයක් සඳහා වූ වාර්තාවක් වන අතර, 2019 දී Bugatti හි Chiron Super Sport මෝටර් රථය පිහිටුවා තිබූ පැයට කිලෝමීටර් 490.5 ක වේගයෙන් අභිබවා යන අතර ලොව වේගවත්ම මෝටර් රථය යන නාමය මෙම විද්‍යුත් මෝටර් රථයක් මගින් හිමිකර ගත් පළමු අවස්ථාව ලෙසයි වාර්තා වන්නේ.

Xtreme යනු චීනයේ නිෂ්පාදිත ඩොලර් 233,000ක් පමණ වටිනාකමින් යුත් Yangwang U9 හි ඉහළ කාර්යසාධනයක් සහිත මෝටර් රථයක්.

වැඩිදියුණු කළ බල සම්ප්‍රේෂණයෙන් යුත් බැටරි පද්ධතියක් සහිත අතිශය වේගවත් මෝටර් රථයේ ඒකක 30 ක් පමණක් නිපදවන බව BYD සමාගම පවසනවා.

එයින් අදහස් කරන්නේ ලොව ලාභදායී විද්‍යුත් වාහන නිපදවන්නා ලෙස පැවසෙන චීනය දැන් වේගවත්ම මෝටර් රථයේ නිවහන බවයි.

ලොව දෙවැනි සුපිරි බලවතා වන චීනය විදුලි වාහන භාවිතයෙන් ලෝකයේ සෙසු රටවල් අභිබවා ගොස් ඇති අතර, පසුගිය වසරේ නව මෝටර් රථ අලෙවියෙන් 50% කට ආසන්න ප්‍රමාණයක් සිදුකර ඇත්තේ විද්‍යුත් මෝටර් රථ ඔස්සේයී.

World News

Send your contact Details Today