Latest News

තායිලන්තයේ “ගිලෙන නගරය” අවට පදිංචිකරුවන් ඉවත් කිරීමට පියවර

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

තායිලන්තයේ බැංකොක් අගනුවර යටින් ඉදිකරමින් තිබූ දුම්රිය උමං මාර්ගයක් කඩා වැටීමෙන් රෝහල් පරිශ්‍රයක යෝධ ගිලාබැසීමක් සිදුවූ ස්ථානය ඇහිරීමට වැලිකොට්ට 50,000ක් දැනටමත් අහුරා ඇති බවත් කොන්ත්‍රාත්කරුවන්ට හැකි ඉක්මණින් එය වසා දමන ලෙස නියෝග කර තිබෙනවා.

මෙම විවෘත වූ දැවැන්ත සිදුර වැලි කොට්ට ටොන් ගණනකින් සහ තලා දැමූ ගල්වලින් පිරවීමටයි පියවර ගෙන ඇත්තේ.

උමං මාර්ගයේ පුපුරා ගිය කොටස ඇසිරීම සඳහාවැලි කොට්ට පනස්දහසක් පමණ භාවිතා කර තිබූණත් එය මුළුමනින්ම වසාදැමීමට හැකියාව ලැබී නැහැ.

නගරය තුළ තවත් මෙවැනි කඩා වැටීම් තවත් සිදුවේ යැයි බියක් පවතින අතර, බැංක‍ොක් ආණ්ඩුකාරවරයා පැවසුවේ මෙම ව්‍යසනය අභියෝගයක් බවට පත්ව ඇති බවයි.

මෙම යෝධ සිදුර පළලින් මීටර 30 ක් (අඩි 98 ක්) සහ ගැඹුරින් මීටර 50 ක් (අඩි 164 ක්) දක්වා බවයි එරට වාර්තා පැවසුවේ.

ඊයේ උදෑසන බැංකොක්හි පිහිටි ප්‍රධාන රජයේ රෝහලක් ඉදිරිපිට පොළොව විශාල සිදුරක් ඇතිකරමින් ගිලා බැස්සා.

මෙහි ප්‍රතිඵලයක් ලෙස රෝහල් රෝගීන් සහ අවට පදිංචිකරුවන් ඉවත් කිරීමට සිදු වී තිබුණා.

මෙම පොළොවෙ දැවැන්ත සිදුර මතුවන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන අන්තර්ජාලය පුරා වේගයෙන් පැතිර ගිය අතර, එහිදී නවතා තිබූ මෝටර් රථ කිහිපයක් සහ විදුලි කණු සිදුර තුළට ඇදී ගිය අතර, පදික වේදිකාව කඩා වැටුණේ ඉදිරියට එන වාහනවලට ඉතා ආසන්නවයි.

තවද, එය අවට පොලිස් ස්ථානයක අත්තිවාරම්වලටද මෙමගින් හානි සිදුවුණා.

මෙම ව්‍යසනය සිදුවූයේ තායිලන්තයේ මහාපරිමාණ වේගවත් සංක්‍රමණ අධිකාරිය (MRTA) විසින් ඉදි කරමින් පවතින නව දුම්රිය මාර්ගයක් සහ දුම්රිය ස්ථානයක් සඳහා වූ උමං මාර්ගයකයි.

මෙම ව්‍යසනය හේතුවෙන් පර්පල් ලයින් උමං දුම්රිය මාර්ගයේ වැඩ කටයුතු මාස ගණනකින් ප්‍රමාද වීමට ඉඩ ඇති බව එරට වාර්තාවල සඳහන්.

ඊට හේතුවී ඇත්තේ එම මාර්ගයේ අවට කොටස්වල ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්න මතු වී තිබීමයි.

සිදුර ඇති වූ ස්ථානයේ සිට කිලෝමීටර 2 ක් (සැතපුම් 1.2 ක්) දුරින් මාර්ග මතුපිටට ජලය බුබුළු දමමින් මතුවන බවට ද වාර්තා වී තිබෙනවා.

ආණ්ඩුකාරවරයා මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කළේ, “මාර්ග කඩා වැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් MRTA සහ අපගේ කොන්ත්‍රාත්කරු අපගේ බරපතළ කනගාටුව ප්‍රකාශ කරනවා. බලපෑමට ලක් වූ සියලු දෙනාගෙන් අපි අවංකවම සමාව අයදිනවා” යනුවෙන්.

හානිය නිවැරදි කිරීම සඳහා දැරීමට සිදුවන අධික පිරිවැය භාර ගන්නේ කවුරුන්ද යන්න පිළිබඳව ප්‍රශ්න මතු වී තිබෙනවා.

“මෙය භූමිකම්පාවක් වැනි ස්වභාවික සිදුවීමක් නොවන බැවින්, මේ සඳහා කොන්ත්‍රාත්කරු වගකිව යුතුයි” යැයි හෙතෙම කියා සිටියා.

එම ප්‍රදේශයේ අන්තර්ජාල ෆයිබර් ඔප්ටික් කේබල් ඉක්මනින් යථාතත්වයට පත්කිරීම සහ ගලායන ජලය නැවැත්වීම සම්බන්ධයෙන් ඔහු කොන්ත්‍රාත්කරුවන්ගේ කඩිනම් ක්‍රියාමාර්ග අගය කර තිබුණා.

“මෙය අපේ නගරයේ ඔරොත්තු දීමේ හැකියාව පෙන්නුම් කරන බව මම විශ්වාස කරනවා. හදිසි අවස්ථාවලදී නගරය යථා තත්ත්වයට පත් විය යුතුයි. අපි අත්හරින්නේ නෑ. මෙය අප සැමටම අභියෝගයක්” යැයි ආණ්ඩුකාර සින්ටිපන්ට් වැඩිදුරටත් පැවසුවා.

බැංකොක් නගරය ගොඩනැගී ඇත්තේ ගංවතුර තැනිතලාවක මෘදු මැටි මතයි.

වාර්ෂිකව අත්විඳින ක්‍රමානුකූල අවපාතය හේතුවෙන් එය”ගිලෙන නගරය”(sinking city) ලෙසද හැඳින්වෙනවා.

World News

Send your contact Details Today