Latest News

ICC සාමාජිකත්වයෙන්, අමෙරිකානු ක්‍රිකට් එළවයි

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි අමෙරිකා එක්සත් ජනපදයේ ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමට තීරණයකර තිබෙනවා.

අමෙරිකානු ක්‍රිකට් පාලනාධිකාරිය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ රෙගුලාසි සහ නියමයන් උල්ලංඝනය කිරීම නිසා මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

නමුත් 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වීමට මෙන්ම ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සහභාගී වීමට අමෙරිකානු ක්‍රිකට් කණ්ඩායමට මෙම සාමාජිකත්වය අත්හිටුවීම මඟින් කිසිඳු තහනමක් නොමැති බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

මෙම සාමාජිකත්වය අත්හිටුවීමේ ක්‍රියාමාර්ගය නිසාවෙන් මින් ඉදිරියට අමෙරිකානු ක්‍රිකට් පාලනාධිකාරියේ පරිපාලන කටයුතු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මඟින් නිරීක්ෂණයට සහ නියාමනයට ලක්වනවා.

World News

Send your contact Details Today