අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනුවෙන් වින්ඩ්සර් මාලිගයේ පැවති රාජ්‍ය භෝජන සංග්‍රහයට පෙර, ඔහුගේ ආරක්ෂක නිලධාරීන් සහ චාල්ස් රජුගේ මුළුතැන්ගෙයි කාර්ය මණ්ඩලය අතර “උණුසුම් වචන හුවමාරුවක්” ඇති වූ බවට පළවූ වාර්තා සම්බන්ධයෙන් බකිංහැම් මාලිගය විසින් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.
පසුගිය බදාදා පැවති මෙම රාජ්‍ය භෝජන සංග්‍රහයේදී, චාල්ස් රජු සහ ජනාධිපති ට්‍රම්ප් යන දෙදෙනාම එක්සත් රාජධානිය සහ අමෙරිකාව අතර ඇති විශේෂ සබඳතාවය ඇගයීමට ලක් කළා.
කෙසේ වෙතත්, තිරය පිටුපසදී ජනාධිපතිවරයා සඳහා පිළියෙළ කරමින් තිබූ ආහාර පරීක්ෂා කිරීමට සහ රස බැලීමට ඔහුගේ රහස් ඔත්තු සේවා නිලධාරීන් උත්සහ කිරීමත් සමඟ සූපවේදීන් අප්‍රසාදයට පත්වී නොසන්සුන්කාරී තත්වයක් හටගත් බවට ඇතැම් මාධ්‍ය මූලාශ්‍ර වාර්තා කර තිබුණා.
එ අනුව මෙම වාර්තා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරමින් බකිංහැම් මාලිගය නිවේදනයක් නිකුත් කළේ “මෙම පුවත සහ එහි සඳහන් චෝදනා සහමුලින්ම අසත්‍යයයි,” ලෙසයි.
මාලිගයේ ප්‍රකාශකයෙකු පැවසීය. නමුත් ඩේලි මේල් පුවත්පතට අදහස් දැක්වූ මූලාශ්‍රයක් පවසා තිබුණේ, සූපවේදීන් ඉතා සූක්ෂම ලෙස ආහාර වේල් පිළියෙළ කරමින් සිටියදී, ආරක්ෂක නිලධාරීන් දිගින් දිගටම ඒවා පරීක්ෂා කිරීම නිසා දෙපාර්ශවය අතර උණුසුම් වචන හුවමාරුවක් දක්වා තත්ත්වය දුරදිග ගිය බවයි.
මෙම සිදුවීම පිළිබඳව ධවල මන්දිරයෙන් සහ ඇමරිකානු රහස් ඔත්තු සේවයෙන්ද විමසීම් කර ඇති බව වාර්තා වනවා.
මූලාශ්‍රවලට අනුව, මෙම නොසන්සුන්තාවය සමථයකට පත්වන තෙක් මිනිත්තු කිහිපයක් ගතවී ඇති අතර, ප්‍රධාන ශාලාවේ සිටි සම්භාවනීය අමුත්තන් කිසිවෙකුත් මේ පිළිබඳව දැනුවත්ව සිට නැහැ.
මෙම උත්සවයේදී අමුත්තන් සඳහා ඉහළම මට්ටමේ ආහාර වේලක් පිළියෙළ කර තිබුණා.
එයට හැම්ප්ෂයර් දියකිඳුරු පනා කොටා, නෝෆෝක් ප්‍රදේශයේ කාබනික කුකුළු මස් වලින් සැකසූ බැලටින් මෙන්ම, කෙන්ට් ප්‍රදේශයේ රාස්බෙරි සෝබේ සහ වික්ටෝරියා ප්ලම්ස් අඩංගු අතුරුපසක්ද ඇතුළත් වුණා.
ඊට අමතරව, වින්ස්ටන් චර්චිල්ගේ ප්‍රියතම ෂැම්පේන් වර්ගය වන ‘පෝල් රොජර්’ ඇතුළු ඉහළ වටිනාකමකින් යුත් වයින් වර්ග කිහිපයක්ද පිරිනමා තිබෙනවා.