Latest News

Windows 11 භාවිතා කරන පරිශීලකයන්ට වැදගත් දැනුම්දීමක්

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

Windows 11 වෙනුවෙන් නිකුත් වූ KB5063878 දරණ ආරක්ෂක යාවත්කාලීනය (security update) ඇතැම් SSD (Solid-State Drive) උපාංග සමග ගැටලු ඇති කරන බව වාර්තා වනවා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් තාක්ෂණික පැහැදිලි කිරීමක් පහතින්…

අදාළ ගැටලුවට මූලික හේතුව වශයෙන් අදාළ යාවත්කාලීනය සමහර SSD පාලක (controllers) උපාංග, විශේෂයෙන්ම Phison සමාගම මඟින් නිෂ්පාදනය කරන ලද පාලක සමග අන්තර්ක්‍රියා කරන ආකාරය හඳුනාගෙන තිබෙනවා.

එහිදී යාවත්කාලීනය ස්ථාපනය කිරීමෙන් අනතුරුව පරිශීලකයන්ගේ SSD උපාංග File Explorer, Device Manager සහ ඇතැම් විට පරිගණකයේ BIOS පද්ධතියෙන් පවා නොපෙනී යන බව සඳහන්.

කෙසේ වෙතත් මේ තත්ත්වය නිසා ඔබගේ දත්ත විශාල ලෙස නැතිවී යාමට හෝ SSD උපාංගය සම්පූර්ණයෙන්ම අක්‍රිය වීමට ඉඩ ඇති බව ප්‍රකාශ කරනවා.

විශේෂයෙන්ම, විශාල දත්ත ප්‍රමාණයක් එකවර ඩ්‍රයිව් වෙත ලියන විට (heavy writes) මෙම අවදානම ඉහළ යන බව සඳහන්.

මේ සඳහා ඔබට කළ හැක්කේ,

වහාම ඔබගේ දත්ත Backup කරන්න:

ගත හැකි වැදගත්ම පියවර මෙයයි. ඔබගේ සියලුම වැදගත් ලිපිගොනු (files) වෙනත් ක්ලවුඩ් සේවාවකට (cloud service) හෝ බාහිර දෘඪ තැටියකට (external hard drive) පිටපත් කරගන්න.

ඔබගේ Windows Update ඉතිහාසය පරීක්ෂා කරන්න:

ඔබගේ Windows Update settings වෙත ගොස්, KB5063878 දරණ යාවත්කාලීනය ස්ථාපනය වී ඇත්දැයි බලන්න.

යාවත්කාලීනය අස්ථාපනය කරන්න (Uninstall):

KB5063878 යාවත්කාලීනය ස්ථාපනය වී ඇත්නම්, එය තෝරා Uninstall කරන්න.

Windows Updates තාවකාලිකව නවත්වන්න:

ගැටලුව නැවත ඇතිවීම වැළැක්වීම සඳහා, ඔබගේ settings තුළින් Windows යාවත්කාලීන වීම තාවකාලිකව නවත්වා තබන්න.

නව යාවත්කාලීන ගැන සැලකිලිමත් වන්න:

Microsoft සමාගම විසින් නිල විසඳුමක් ලබා දෙන තුරු හෝ වඩාත් විශ්වාසදායී තොරතුරු ලැබෙන තුරු අනාගතයේදී පැමිණෙන “Patch Tuesday” වැනි යාවත්කාලීන ස්ථාපනය කිරීමෙන් වළකින්න.

මෙම පියවරයන් අනුගමනය කළ පසුවද ගැටලුව දිගටම පවතී නම්,

ඔබගේ BIOS/UEFI සහ Firmware පරීක්ෂා කරන්න:

ඇතැම් මුල් වාර්තාවන්ට අනුව, අඳාළ ගැටලුවට ඇතැම් මවු පුවරු (motherboard) වල BIOS අනුවාදයන් සහ SSD පාලකයන් සම්බන්ධ බවට ද මත පළව තිබෙනවා.

World News