Latest News

හමාස් ඉලක්ක වෙත එල්ල කළ ප්‍රහාරය පිළිබඳව ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඊශ්‍රායලය විසින් පසුගියදා කටාරයේ හමාස් ඉලක්ක වෙත එල්ල කළ ප්‍රහාරය තමන්ට කලින් දැනුම් දී තිබුණු බවට සිදු කෙරෙන ප්‍රකාශ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ට්‍රම්ප් පරිපාලනය පවසා ඇත්තේ මිසයිල ගුවනට යොමු කිරීමෙන් පසු තමන්ට ඒ පිළිබඳ දැනුම් දුන් බවත් ප්‍රහාරයට විරුද්ධ වීමට එහිදී අවස්ථාවක් නොලැබුණු බවයි.

කටාරයට එල්ල කළ ප්‍රහාරය අමෙරිකානු ජනාධිපතිවරයා කලින් දැන සිටි බවට ඊශ්‍රායල නිලධාරීන් උපුටා දක්වමින් නිකුත් කර තිබූ මාධ්‍ය වාර්තාවකට ප්‍රතිචාර දක්වමින් අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව පවසා තිබෙනවා.

කටාර්හි දෝහා වෙත ඉකුත් දා ප්‍රහාරයක් එල්ල කළේ ඉහළ පෙළේ හමාස් නායකයින් පිරිසක් ඉලක්ක කරමින් බවයි ඊශ්‍රායලය ප්‍රකාශ කර තිබුණේ.

කෙසේවෙතත් ඊශ්‍රායලය මෙන්ම කටාරයද අමෙරිකාවේ සමීපතම මිතුරන් වීම හේතුවෙන් මෙම ප්‍රහාරයෙන් පසු අමෙරිකානු ජනාධිපතිවරයා දැඩි අපහසුතාවට ලක්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා අනාවරණ කළා.

නැවත වරක් ඊශ්‍රායලයෙන් කටාරයට ප්‍රහාරයක් එල්ල නොවනු ඇති බවටද මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමකදී අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණා.

World News