Latest News

සේවා ගාස්තු නැවත වැඩි කිරීමක් ගැන Apple සමාගමෙන් දැනුම්දීමක්

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

Streaming සේවා ගාස්තු නැවත වැඩි වන බව Apple සමාගම දන්වා තිබෙනවා.

ඒ අනුව ඔක්තෝබර් 11වන දා සිට මාසික ගාස්තුව ඩොලර් $12.99 සිට ඩොලර් $15.99 දක්වා වැඩි වනවා.

සමාගම කියා සිටියේ ඔක්තෝබර් 11 වන දිනෙන් පසු අලුතින් දින 30 ක මාසික ගෙවීම ආරම්භ කරන පාරිභෝගිකයින්ට නව ගාස්තු අදාළ වන බවයි.

කෙසේ වෙතත් ඩොලර් $129 ක වාර්ෂික ගාස්තුව වෙනස් නොවන අතර එය මසකට ඩොලර් $10.75 ක් වනවා.

සමාගමේ නියෝජිතයෙකු සදහන් කලේ එම සේවාව Apple One මගින්ද ලබාගත හැකි අතර, එහි ගාස්තුව වෙනස් නොකර තවත් Apple සේවා 5 ක් එක් කර ඇති බවයි.

මේ අතර පසුගිය මාස කිහිපයේ Netflix සහ Spotify ද ඔස්ට්‍රේලියානු පාරිභෝගිකයින්ගේ ගාස්තු ඉහළ දමනු ලැබුවා.

World News