Latest News

නේපාල අරගලයෙන් පසු ලුම්බිණි පුදබිම වන්දනාකරුවන්ට යළි විවෘත කිරීම ගැන දැනුම්දීමක්

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලෝකවාසී වන්දනාකරුවන් වෙනුවෙන් නේපාලයේ ලුම්බිණි පුදබිම යළි විවෘත කර තිබෙනවා.

ඒ, ඉකුත් සතියේ නේපාලයේ උද්ගත වු මහජන විරෝධතා සහ කැළඹීම් අවසන් වී කත්මණ්ඩු නුවර ඇතුළු නගර රැසක් යථාතත්වයට පත්වෙමින් තිබෙන පසුබිමක් තුළයි.

නේපාලය තුළ පසුගිය දා වර්ධනය වූ නොසන්සුන්කාරී තත්ත්වය සහ මහජන කැළඹීම් හේතුවෙන් ගුවන් ගමන් අත්හිටුවීම හමුවේ ලුම්බිණි පුදබිම වැඳපුදා පැමිණසිටි වන්දනාකරුවන්ට ද ගමනාගමන අසීරුතා මතුවුණා.

විරෝධතා අතරතුර නේපාලයේ ලුම්බිණි පුදබිම වැඳපුදා ගැනීමට ගොස් සිටි ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 73 දෙනකු ආරක්ෂිතව දේශසීමා ඔස්සේ ඉන්දියාවට ගෙන්වා ගැනීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා.

World News

Send your contact Details Today