Latest News

ගෝලීය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය දර්ශකයේ ශ්‍රී ලංකාවට ලැබුණු තැන

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2025 ගෝලීය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව කැපීපෙනෙන පිම්මක් ගෙන ඇති අතර, ශ්‍රී ලංකාව පසුගිය වසරට සාපේක්ෂව ස්ථාන 15 කින් ඉදිරියට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකාව පිළිබඳ ප්‍රජාතන්ත්‍රවාදය සහ මැතිවරණ ආධාර ආයතනයේ (IDEA) නවතම වාර්තාවට අනූව, මෙම දියුණුව රටේ නව පාලනයේ, ප්‍රකාශනයේ නිදහස සහ මාධ්‍ය නිදහස ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී දර්ශක කිහිපයක ජයග්‍රහණ පිළිබිඹු කරනවා.

කෙසේවෙතත්, ගෝලීය රටාවන් පෙන්නුම් කරන්නේ පසුගිය වසරේ ලොව පුරා ප්‍රජාතන්ත්‍රවාදය අඛණ්ඩව දුර්වල වෙමින් පවතින බවයි.

වාර්තාවේ, රටවල් 94 ක්, නැතහොත් සමීක්ෂණයට ලක්කළ රටවල්වලින් අඩකට වඩා – 2019 සහ 2024 අතර අවම වශයෙන් ප්‍රධාන ප්‍රජාතන්ත්‍රවාදී දර්ශකවලින් එකක හෝ පහත වැටීමක් පෙන්නුම් කළ බවයි වාර්තාවේ සඳහන් වන්නේ.

World News