අඟහරු ග්‍රහයා මත අතීතයේ දී ජීවයක් පැවති බවට පැහැදිලිම සලකුණක් පිළිබඳ නාසා ආයතනය තොරතුරු වාර්තා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පර්සවරන්ස් රෝවරය මගින් ගන්නා ලද අඟහරු ග්‍රාහයා මත ඇති පර්වතයක දැක්වෙන දිවියන්ගේ ලප විශේෂයක් තුළින් පුරාණ ජීවය පිළිබඳ විශ්වාසය පළ කරන බව නාසා ආයතනය නිවේදනය කළා.
වසරක විශ්ලේෂණයකින් අනතුරුවයි ඔවුන් මේ බව ප්‍රකාශ කර ඇත්තේ.
අඟහරු ග්‍රහයා මත මෙතෙක් සොයා ගෙන ඇති ජීවයේ පැහැදිලිම ලකුණ මෙය විය හැකි බවයි නාසා ආයතනය පවසන්නේ.

