Latest News

එලොන් මස්ක්ට තිබුණු තැන නැතිවෙයි

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලොව ධනවත්ම පුද්ගලයා ලෙස එලොන් මස්ක්ව අභිබවා යාමට ඔරකල් හි සම-නිර්මාතෘවන ලැරී එලිසන් සමත් වී තිබෙනවා.

Bloomberg බිලියනපතියන්ගේ දර්ශකයට අනුව, බදාදා උදෑසන එලිසන්ගේ ධනය ඩොලර් බිලියන 393 (£290bn) දක්වා ඉහළ ගිය අතර, එය මස්ක්ගේ ඩොලර් බිලියන 385 (£284bn) ඉක්මවා ගොස් තිබුණා.

එලිසන්ගේ ධනයෙන් සැලකිය යුතු කොටසක්වන ඔරකල් හි කොටස් සියයට 40කට වඩා ඉහළ යාමෙන් පසුවයි මෙය සිදුව ඇත්තේ.

ඉදිරි දශකය තුළ ඔහු අභිලාෂකාමී ඉලක්ක ලැයිස්තුවකට ළඟා වුවහොත් ඔහුට ඩොලර් ට්‍රිලියන 1කට (පවුම් බිලියන 740) වැඩි වැටුප් පැකේජයක් ලැබිය හැකි බවටයි ටෙස්ලා සමාගම යෝජනා කර ඇත්තේ.

නමුත් මස්ක්ගේ ටෙස්ලා හි කොටස් මේ වසරේ පහත වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

World News

Send your contact Details Today