Latest News

ප්‍රංශ ආණ්ඩුව කඩා වැටෙයි

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ප්‍රංශ අග්‍රාමාත්‍ය ෆොන්සුවා බෙයිහූ විශ්වාසභංග යෝජනාවෙන් පරාජයට පත්වී තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවේ දී මන්ත්‍රීවරුන් 364 දෙනෙකු විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇති අතර ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ මන්ත්‍රීවරුන් 194 දෙනෙකු බව සඳහන්.

ඒ අනුව ප්‍රංශ අග්‍රාමාත්‍යවරයාට සිය ධුරය අහිමි වන අතර සුළුතර ආණ්ඩුව බිඳවැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ප්‍රංශ අග්‍රාමාත්‍ය ෆොන්සුවා බෙයිහූ සිය ඉල්ලා අස්වීම හෙට දිනයේ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් වෙත ඉදිරිපත් කරනු ඇති බව දේශපාලන විචාරකයින් සඳහන් කරනවා.

ඒ අනුව වසර දෙකක කාලයක් තුළ ප්‍රංශයේ පස්වන අග්‍රාමාත්‍යවරයා පත්වීම සිදුවනු ඇති.

World News