මාර්ක් එස්. සකර්බර්ග් නම් අමෙරිකානු නීතිඥවරයෙකු විසින් Meta සමාගමට එරෙහිව නඩු පවරා තිබෙනවා.
ඔහු චෝදනා කරන්නේ ඔහුගේ Facebook ගිණුම් නැවත නැවතත් අත්හිටුවා ඇති බවයි.
ඒ සමාගමේ නිර්මාතෘවරයා වන බිලියනපතියා ලෙස පෙනී සිටි බව පවසමින් බවයි ඔහු සඳහන් කළේ.
බංකොලොත්භාවයට අදාළ නඩු පිළිබඳ නීතිඥයකු වන සකර්බර්ග් පැවසුවේ පසුගිය වසර අට තුළ ඔහුගේ පෞද්ගලික සහ ව්‍යාපාරික ගිණුම් කිහිප වතාවක්ම කපා හැර ඇති අතර එමඟින් ඔහුට වෙළඳ දැන්වීම් වියදම් සඳහා අමෙරිකානු ඩොලර් 11,000ක් පමණ වැය වූ බවයි.
ඔහු එය සංසන්දනය කළේ ප්‍රදර්ශනය කිරීමට පෙර ආවරණය කළ දැන්වීම් පුවරුවක් සඳහා කරනු ලැබු ගෙවීමකටයි.
අනන්‍යතාව වැරදි ලෙස අර්ථකථනය කිරීම මූල්‍ය පාඩු සහ පෞද්ගලික බාධාවන් ඇති කළ බව නඩුවේ සඳහන් වනවා.
ඔහුගේ නම නිසා ඔහු ඔන්ලයින් හිරිහැරවලට හා නීතිමය ව්‍යාකූලත්වයට ද මුහුණ දී ඇති බවයි ඔහු පවසන්නේ.
Meta සමාගම විසින් පසුව ඔහුගේ ගිණුම නැවත ස්ථාපිත කර ඇත්තේ ඔහුගේ ගිණුම් අත්හිටුවීම දෝෂයක් බව පවසමින්.
එවැනි ගැටළු වළක්වා ගැනීම සඳහා වැඩිදියුණු කිරීම් කරමින් සිටින බව ද Meta සමාගම පවසා තිබෙනවා.