මහාද්වීප හතටම තනිව පියාසර කරන ලාබාලතම පුද්ගලයාවීමට උත්සහ කරන අමෙරිකානු ඊතන් ගුඕ, මාස දෙකක් ඇන්ටාක්ටිකාවේ චිලී ගුවන් කඳවුරක සිරකර සිට නිදහස් කර තිබෙනවා.
ව්‍යාජ ගුවන් ගමන් සැලැස්මක් ඉදිරිපත් කිරීම හේතුවෙන් චිලී බලධාරීන් විසින් ඔහුව කෙටි කාලයක් රඳවා ගනු ලැබ ඇති බවයි වාර්තා වන්නේ.
පිළිකා පර්යේෂණ සඳහා අරමුදල් රැස් කිරීමේ මෙහෙයුමක් වෙනුවෙනුයි අවුරුදු 19 ක් වූ ඊතන් මහද්වීප 7 ට පියාසර කිරීමේ ක්‍රියාන්විතය ආරම්භ කර ඇත්තේ.
දකුණු චිලියේ පුන්ටා අරීනාස් හරහා පමණක් පියාසර කිරීමට ඔහුට අවසර දී ඇති නමුත් ඔහු දකුණට යමින්, ඇන්ටාක්ටිකාව බලා යන බවට ව්‍යාජ තොරතුරු සපයා තිබෙනවා.
පසුව ජුනි 28 වන දින ඔහු චිලීයේ ඇන්ටාක්ටික් භූමියට ගොඩ බැස්ස පසු, අත්අඩංගුවට ගෙන පසුව නිදහස් කරනු ලැබුවා.
කෙසේ වෙතත්, ජූලි මාසයේදී වයස අවුරුදු 20 ක් වූ ඊතන්ට, සීමිත සන්නිවේදනයන් සහ අංශක බිංදුවට වඩා පහත වැටුණු ඇන්ටාක්ටික් ශීත දේශගුණය හේතුවෙන් හමුදා කඳවුරේ මාස දෙකක් ගත කිරීමට සිදුව තිබෙනවා.
පසුව චිලී විනිසුරුවරයෙකු ඔහුට එරෙහි චෝදනා ඉවත් කර දින 30 ක් ඇතුළත ළමා පිළිකා පදනමකට ඩොලර් 45,000ක පරිත්‍යාගයක් ලබා දී හැකි ඉක්මනින් රටින් පිටව යාමට නියෝග කර ඇති අතර ඔහුට වසර තුනකට චිලී භූමියට ඇතුළුවීම ද තහනම් කර ඇති බවයි වාර්තා වන්නේ.