අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හමාස් සංවිධානයට සිය අවසාන අනතුරු ඇඟවීම සිදුකර තිබෙනවා.
ඒ ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් සම්බන්ධවයි.
ඒ අනුව සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ සියල්ලන්ටම අවශ්‍ය මෙම යුද්ධය අවසන් වනු දැකීම බවත් ඊශ්‍රායලය විසින් තමන්ගේ කොන්දේසි පිළිගෙන ඇති බවයි.
එහිදී සිය කොන්දේසි හමාස් සංවිධානය විසින්ද පිළිගත යුතු බවත් පිළි නොගැනීමේ ප්‍රතිවිපාක සම්බන්ධව තමන් හමාස් සංවිධානයට මින් පෙර අනතුරු අඟවා ඇති බවත් සිය ගිණුමේ අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.
එමෙන්ම මෙම අනතුරු ඇඟවීම තමාගේ අවසන් අනතුරු ඇඟවීම වන බවත් මින් ඉදිරියට තවත් අනතුරු ඇඟවීම් සිදු නොකරන බවද අමෙරිකානු ජනාධිපතිවරයා සිය ගිණුමේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.